CertiK ට වසර 3ක් සපිරේ !

1.jpg

ආයතන ක්‍රිප්ටෝ අවකාශයට ඇතුල් වෙමින් තිබේ, DeFi හි අගුලු දමා ඇති මුදල ඩොලර් බිලියන15 ඉක්මවා ඇති අතර crypto wallets ගණන දිනෙන් දින ඉහළ යමින් පවතී. crypto අවකාශය වේගයෙන් වර්ධනය වෙමින් පවතී.

CertiK සහ CertiK Foundation බ්ලොක්චේන් හි සෑම අංශයක්ම අඛණ්ඩව සංවර්ධනය කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා කැපවී සිටින අතර 2017 දෙසැම්බර් මාසයේ සිට යේල් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ සභාපති මහාචාර්ය ෂොං ෂාවෝ සහ සහකාර මහාචාර්ය රොන්ගුයි ගු කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ඉතා දක්ෂ කණ්ඩායමක් සමඟ බ්ලොක්චේන් හි ආරක්ෂාව පිළිබඳ මුහුණුවර වෙනස් කිරීමට කටයුතු කළේය.

ආරම්භයේ සිට ගත වූ වසර තුන තුළ, CertiK විසින් විගණන(audits) 220+ ක් පවත්වා ඇත, 118k+ ක් lines of code විගණනය කර ඇති අතර ඩොලර් බිලියන 8.03 වටිනාකමක් ලබා ගෙන ඇත.

CertiK Foundation යනු පද්ධතියේ සංවර්ධනය සඳහා කැපවී සිටින ලාභ නොලබන සංවිධානයක් වන අතර දාමය සංවර්ධනය කිරීම සහ දියත් කිරීම හා $CTK native cryptocurrency හදුන්වා දීම ඇතුළුව දැවැන්ත ජයග්‍රහණ කිහිපයක් අත්කර ගෙන ඇත.

මේ සියල්ල මනසේ තබාගෙන, CertiK සහ CertiK Foundation හි පසුගිය වසර තුන දෙස ආපසු හැරී බැලීමට කාලයයි.

The CertiK Chain Ecosystem

CertiK Chain & CTK

2020 දී CertiK Chain Mainnet! දියත් කරන ලද අතර එය ආරක්ෂිත මට්ටමේ ඉහළ මට්ටමක සහතික කිරීම සඳහා අනෙකුත් බ්ලොක්චේන් සමඟ ඒකාබද්ධ වීමට අන්තර් ක්‍රියාකාරී බ්ලොක්චේන් කට්ටලයක් විය. ඒ සමඟම, CertiK හි උපත සිදුවිය. CertiK Chain හි native token එක වන CTK පද්ධතිය පුරා සේවාවන් සහ කාර්යයන් රාශියක් බල ගැන්වීම සඳහා යොදා ගන්නා ලදී.

අපගේ ප්‍රජාවට Binance හරහා CTK farm කිරීමට හැකිවන පරිදි ඔක්තෝම්බර් මාසයේදී Binance Launchpool වෙත ගෙන එන ලදී.

CertiKShield

සතෝෂි බ්ලොක්චේන් හි එහි වෙනස් කළ නොහැකි ස්වභාවයෙන් ගෙන ආ විට පැනනැඟුණු එක් ගැටලුවක් නම් නැතිවූ හෝ සොරාගත් ක්‍රිප්ටෝ අරමුදල ආපසු අයකර ගැනීමට නොහැකි වීමයි.

CertiKShield Pool යනු CTK හි නම්‍යශීලී, විමධ්‍යගත සංචිතයකි, එය on-chain governance තුළින් ඕනෑම බ්ලොක්චේන් ජාලයක නැතිවූ, සොරකම් කරන ලද හෝ ප්‍රවේශ කළ නොහැකි cryptocurrency ප්‍රතිපූරණය කිරීමට සේවය කරයි. අපගේ මාර්ගෝපදේශය
මෙතැනින් බලන්න.

CertiKShield හි දැනටමත් සහාය ලබා දී ඇති $CAKE, $KAVA, $MXX, $HARD, සහ $WNXM වැනි දේ සමඟින්, අපි CertiKShield තුළට ඇතුළු වන ව්‍යාපෘති සහ ඔවුන්ගේ ප්‍රජාවන් අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට සහ වැඩි දියුණු කළ මට්ටමක් ළඟා කර ගැනීමට හැකිවීම ගැන අපි අතිශයින් සතුටට පත් වෙමු.

CertiK Security Oracle

Security Oracle ආරක්ෂක මෙහෙයුම්කරුවන්ගේ විමධ්‍යගත ජාලයකින් ලබාගත් on-chain security scores ලබා දීමට සේවය කරයි.

Swipe.io සමඟ ක්‍රියාත්මක වන Security Oracle බලන්න .

QuickScan

ගතික හා ස්ථිතික ආරක්ෂක ප්‍රාථමිකයන් ගණනාවක් උපයෝගී කර ගනිමින් ස්මාර්ට් කොන්ත්‍රාත් ආරක්ෂණ විශ්ලේෂණය වේගවත් කිරීම සඳහා සේවය කරන නව ආරක්ෂක මෙවලමක් වන QuickScan මෑතකදී අපි එළිදැක්වුවෙමු.

සාම්ප්‍රදායික CertiK ආරක්ෂණ විගණනයකට ආදේශකයක් නොවුවද අපගේ හිමිකාර සේවාව බැලූ බැල්මට ස්මාර්ට් කොන්ත්‍රාත්තු කෙරෙහි වැඩි විශ්වාසයක් ඇති කිරීමට ඉඩ සලසයි.

ඔබ ඉහත Swipe.io සමඟ Security Oracle පරික්ෂා කර බැලුවහොත්, ඔබ Quicskcan කොටසද දැක ඇති. ඔබ තවම බැලීමට නොමැති නම්, ඔබට එය මෙතැනින් සොයාගත හැකිය.

කැපී පෙනෙන අවස්ථා

පසුගිය වසර තුන තුළ අත්පත් කර ගත් CertiK සහ CertiK Foundation යන දෙඅංශයේම නවෝත්පාදන, ජයග්‍රහණ සහ ව්‍යාප්තියේ ගැඹුර, එක ලිපියකින් ආවරණය කිරීමට නොහැකි තරම් වේ.

Sort:  

Hi,

Your post has been voted on by the Ecosynthesizer curation team.

Thank you for your contribution to the Steem ecosystem.


If you would like to support us, please consider voting for our witness, setting us as a proxy,
joining our Discord server, and delegating to the project by using one of the following links:
500SP | 1000SP | 2000SP | 3000SP | 4000SP | 5000SP | 10000SP | 100000SP

Great article macn ! Thanks for sharing with us

 4 years ago 

niyamai bn .