Ethereum ආකෘතියෙන් පැන නගින ගැටළු Kava විසින් විසඳා ඇත.

1.jpg

Binance හි Hard protocol Launchpool වටය අවසන් වූ වහාම HARD ටෝකනයේ මිල ඉහළ ගියේය. මෙම මිල ඉහල යාම ඉතාමත් ස්ථිර හා කල් පවතින එකක් බව crypto experts විශ්වාස කරයි.

මෑත මාසවලදී DeFi ක්ෂේත්‍රයට එකතු වූ වඩාත්ම ප්‍රබල එකතු කිරීමක් ලෙස Hard protocol මතුහැදින්විය හැක. එහි ආර්ථික හා යටිතල ව්‍යුහය නිසා වේදිකාව වඩාත් ප්‍රචලිත විය. එය Binance Launchpool හි 7 වන ව්‍යාපෘතිය වේ. මෙම ව්‍යාපෘතිය Binance ප්‍රජාවට නිරාවරණය කිරීම සහ සහභාගිවන්නන්ට Hard ටෝකන ලබා දීම සඳහා නිර්මාණය කරන ලද මාසයක් පුරා සිදුකරන ලද farming campaign එකක් ලෙස නොවැම්බර් 3 වන දින ආරම්භ විය.

ක්‍රියාත්මක වී මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ, Hard මුදල් වෙලඳපොලහි දැනට අගුලු දමා ඇති(locked assets) මුළු වත්කම් ඩොලර් මිලියන 40 ඉක්මවා ඇත. DeFi Llama ට අනුව Hard protocol දැනට DeFi මත පදනම් වූ ඉහළම යෙදුම් 40 අතරට ඇතුළත් වේ. කෙසේ වෙතත්, සති කිහිපයකට පෙර experts මෙම ව්‍යාපෘතිය පරීක්ෂා කර Hard ටෝකන් මිල ඉතා පහල බවද එය ඉතා ඉක්මනින් ඉහලට යන බව දැන්වූහ. දැන් එය ක්‍රියාවට නැංවෙමින් පවතින බව ඔබට බලා ගත හැක.

Launchpool cycle පුරාම, Hard ප්‍රොටෝකෝලයෙහි පාලන ටෝකනය වන HARD හි වටිනාකම ගැන ප්‍රශ්න කිරීම් තිබුණි. මෙම campaign එක අතරතුර, HARD හි මිල 0.4$ ට වඩා පහත වැටුණි. එය එකල Hard ප්‍රොටෝකෝලයෙහි වර්ධන තත්ත්වය පිළිබඳ සාවද්‍ය නිරූපණයක් විය. Hard protocol පුළුල් වන පරිශීලක පදනම සහ HARD හි මිල අතර ඇති විෂමතාවයට ප්‍රතිචාර දක්වමින් Kava Labs හි ප්‍රධාන විධායක Brian Kerr ප්‍රකාශ කළේ සෑම ඩිජිටල් වත්කමකින්ම මෙසේ මිල පහල යාම සාමාන්‍ය වන අතර HARD හි ක්‍රියාකාරීත්වය ගැන තමා තැකීමක් නොකරන බවයි. එය අනාගතයේ මිල ඉහල යාමක් ගැන අනාවැකියකි !

“Launchpool දින 30, stake කරන්නන් සඳහා 6M HARD ට වැඩි ප්‍රමාණයක් නොමිලේ ලබා දෙනු ලැබේ. නව සැපයුම විශාල වශයෙන් ලබා ගන්නා ඕනෑම වත්කමක් විවෘත වෙළඳපොලක මෙසේ මිල පහල යාම ස්වාභාවික යැයි මම සිතමි”

Launchpool එක දියත් කළ විගසම HARD හි මිල ඉහළ යනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව Brian Kerr පැවසීය. ඒ වන විට නව HARD ටෝකන සැපයුම විශාල ලෙස අඩු වී තිබිය යුතුය. ඩිජිටල් වත්කම්වල වටිනාකම ඉහළට ගමන් කරන බව සහතික කිරීම සඳහා ප්‍රොටෝකෝලය advanced bitcoin halving වැනි යාන්ත්‍රණයක් භාවිතා කරන බව ඔහු සඳහන් කළේය. ඔහු කී ලෙසම පසුගිය දින 7 තුළ HARD හි මිල 61% කින් ඉහළ ගොස් තිබේ. වඩා වැදගත් වන්නේ Launchpool ව්‍යාපාරය අවසානයේදී price rally එක ආරම්භ වූ අතර ටෝකනයේ වටිනාකම ඩොලර් 1 ඉක්මවා යාමයි !

කෙසේ වෙතත්, HARD හි සැබෑ වටිනාකම පිළිබඳ Brian Kerr ගේ ස්ථාවරය ගැන පුරෝකථනය කරන්නේ නම්, එක් එක් ටෝකනය සඳහා ඩොලර් 1 තක්සේරුව ප්‍රමාණවත් වන්නේ නැත. මෙය කියා පෑමට සහාය වන සාධක කිහිපයක් පහත දැක්වේ.

මේ වන විට ඇති එකම Cross-Chain Money Market Hard protocol වේ.

HARD ප්‍රොටෝකෝලය සඳහා යොදාගත් architecture එක මඟින් BTC, XRP, KAVA, සහ BUSD වැනි high market cap ඇති ඩිජිටල් වත්කම් සමඟ ඒකාබද්ධ වීමට ඉඩ සලසයි. Brian Kerr ට අනුව, මෙම යෙදුමේ විභවය පවතින්නේ වර්තමාන Ethereum කේන්ද්‍රගත විකල්පයන්ට වඩා පුළුල් ලෙස DeFi සේවා සැපයීමේ හැකියාව HARD තුළ තිබීම මතයි. මෙම ක්‍රියාකාරීත්වය කෙටිම කාලයකදී TVL(total value locked) එක ඩොලර් බිලියනයක පරාසයට ඒමට හේතු වන බව ඔහු කියයි.

“HARD යනු TVL(total value locked) එක ඩොලර් බිලියන ගණනක් දක්වා වර්ධනය වීමේ හැකියාව ඇති ඉතා ප්‍රබල යෙදුමකි. එය Ethereum වඩා විශාල වෙළඳපලකට ආමන්ත්‍රණය කළ හැකිය. සරල ගණිතයක් කිරීම, ණය ගැනුම්කරුගේ වටිනාකමෙන් 1 B සඳහා 1% ක ගාස්තුවක් ක්‍රියාත්මක කරන්නේ නම්, එය HARD දරන්නන් සඳහා ඩොලර් 10,000,000 ක වටිනාකමක් ජනනය කරයි. තවමත් ක්‍රියාත්මක කර නොමැති නමුත් මෙය ඉතා බලවත් ය. ”

Bolster Yield Farming සදහා Hodl සංස්කෘතිය

ප්‍රවීණයන් විශ්වාස කරන්නේ වර්තමාන bull cycle එක බිට්කොයින් වටිනාකමේ ගබඩාවක් ලෙස යොදා ගනිමින් සාම්ප්‍රදායික වත්කම් වෙළඳපොළවල අවිනිශ්චිතතාවයෙන් මිදීමට ආයෝජකයින් ගත් තීරණයට හේතු වන බවයි. අපි දැනට ක්‍රියාත්මක වන bull run එකේ උපරිමයට බොහෝ දුරක් ඈතින් සිටින අතර, ක්‍රිප්ටෝ වත්කම් වලින් වැඩි වටිනාකමක් ලබා ගැනීමේ වඩාත් ඵලදායී ක්‍රමය yield farming බව පෙනේ. එනිසා, Hard protocol එකේ අද්විතීය වාසියක් ඇත්තේ එය බිට්කොයින් සමඟ බාධාවකින් තොරව ඒකාබද්ධ වන එකම හරස් දාම මුදල් වෙළඳපොල වන බැවිනි.

“ආර්ථික අවිනිශ්චිතතාවයට එරෙහි වටිනාකමක් සහ ආරක්ෂාවක් ලෙස ලෝකය වැඩි වැඩියෙන් බිට්කොයින් වෙත යොමුවීමත් සමඟ, Kava සහ HARD මුදල් වෙළඳපල ආයෝජකයින්ගේ සහායක නිෂ්පාදන ලෙස හොඳින් ස්ථානගත වී ඇත්තේ ඔවුන් බිට්කොයින් හිමියන්ට දුර්ලභ අවස්ථාවක් ලබා දෙන බැවිනි.” - Brian Kerr

Kava හි Market Potential එක

Hard ප්‍රොටොකෝලය මෙන්ම, DeFi වල සමස්තයක් ලෙස ක්‍රිප්ටෝ වෙළඳපලෙහි වඩාත්ම සාර්ථක පිරිනැමීමක් Kava සතුව තිබේ. වේදිකාවට බලය සපයන Kava infrastructural අප සැලකිල්ලට ගන්නේ නම්, පාලන ටෝකනය වන KAVA හි වටිනාකම ඩොලර් 1.50 ක මිල පරාසයක දිගු කාලයක් පැවතිමට කිසිදු හේතුවක් නැත. Kava හි High potential සහ එය බාධාවකින් තොරව DeFi අනුකලනය සක්‍රීය කරන බව සලකන විට KAVA හි මිල පහසුවෙන් 3.50$ ඉක්මවිය යුතුය. Ethereum ආකෘතියෙන් පැන නගින ගැටළු Kava විසින් විසඳා ඇත.. එබැවින් එය දැනට පවතින සාම්ප්‍රදායික බැංකු සඳහා වඩාත් හොද DeFi විකල්පයකි.

කෙසේ වෙතත් යනු hidden gem එකකි. මන්දයත් බොහෝ දෙනෙක් එය Ethereum පද්ධතියට සමාන හෝ ඊට වඩා උසස් ලෙස නොදකින බැවිනි. ඒ වෙනුවට, Kava ගේ ශක්‍යතාව වර්තමානයේදී Maker සමඟ සංසන්දනය කරනු ලැබේ. Kava මූලික වශයෙන් blockchain ජාලයක් වුවද Ethereum මෙන් dapps හා DeFi ප්‍රොටෝකෝල බල ගැන්වීම සඳහා නිර්මාණය කර ඇත. මෙය දිගටම පවතින තාක් කල්, KAVA හි වර්තමාන මිල Kava වේදිකාවේ සැබෑ වටිනාකම පිළිබඳ වලංගු නිරූපණයක් බව නිශ්චිතවම නිගමනය කළ නොහැකිය. මෙයින් අදහස් කරන්නේ, දෙසැම්බරයේ අවසානයට නියමිත Hard protocol හි ණයට ගැනීමේ පැත්ත(borrowing side) සක්‍රිය කිරීමත් සමඟ, Kava මත තවත් dapps සහ විශේෂාංග දියත් කිරීමට පටන් ගන්නා විට Kava වේදිකාවේ සැබෑ වටිනාකම ඉහලට එන බවයි.

කර්තෘ: Casper Brown

Sort:  

Hi,

Your post has been voted on by the Ecosynthesizer curation team.

Thank you for your contribution to the Steem ecosystem.


If you would like to support us, please consider voting for our witness, setting us as a proxy,
joining our Discord server, and delegating to the project by using one of the following links:
500SP | 1000SP | 2000SP | 3000SP | 4000SP | 5000SP | 10000SP | 100000SP