අටපට්ටම් කූඩුවෙන් කියවෙන උතුම් ධර්මය..

ස්ටීමිට් අපගේ යාලුවන්ට බුදු සරණයි

සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ උතුම් තෙමගුල සිහිකරමින් මුලු මහත් ලෝක වාසි බෞද්ධ ජනයා ආමිස පූජාවෙන් සහ ප්‍රතිපත්ති පුජාවෙන් උන්වහන්සේ පුදතී.
ආමිස පූජාව යනු උන්වහන්සේ උදෙසා කරන.(වන්දනාමාන,සහ සියලු පූජාවන්ය)
පතිපත්ති පූජාවන් යනු...(සීල,සමාධි,භාවනා,) යන අකාරයෙන් උනවහන්සේ පෙන්වා දුන් ධර්මයට අනුව ජීවත් වීමය. උදා-සිලය ආරක්ශා කරමින් භාවනාවෙහි යෙදෙම්න් ධර්මානුකූලව ජීවත් වීමය. අද අපි ඔබට හදුන්වා දීමට යන්නේ. සම්බුදු තෙමගුල මුල් කරගෙන වෙසක් පෝය දිනයේදී උන්වහන්සේ උදෙසා කරන ලද ආමිස පූජාවන් කිහිපයක් ගැනය.එනම් වෙසක් පෝය දිනයේදී අප රටේ වෙසක් තොරන් දක්නට ලැබේ,තවද විදුලි පහන් කූඩු දක්නට ලැබේ.තවද බෞද්ධ කොඩි රට පුරා දිස්වෙයි.තවද බෞද්ධ ජනයාගේ නිවෙස් තුල ඉතා ආකර්ශනීය ලෙස.වෙසක් කූඩු,බ්ල්බ් වැල්,පහන් ආලෝක. වැන් නෙයෙකුත් දෙයින් තෙමගුල සිහිපත් කරමින් උන්වහන්සේට පූජාවන් පවත්වනු ලබයි.

IMG_20210604_183258_1.jpg

වෙනස්ම වෙසක් කූඩුවක් වන මේ අටපට්ටම් වෙසක් කූඩුවෙන් මිනිසාගේ සංසාර ගමනත්,නිවන් මගත් ගැන කියවෙන පණිවිඩය අති මහත්ය..

අටපට්ටම් වෙසක් කූඩුවෙන් කියවෙන ධර්මය මෙයැයි එනම්.
*අටපට්ටම් වෙසක් කූඩුවේ ඇති දිග රැලි වලින් කියවෙන්නේ =(ලෝභය ,දේශය, මෝහය) ගැනය.
*මෙම වෙසක් කූඩුවේ උඩ සහ යට ඇති හිස් කොටු දෙකෙහින් කියවෙනු ලබන්නේ=(ඉපදීම සහ අපේ ජීවිතයේ දී අවසානයේ හමුවන මරනය ගැනය)
*මෙම අටපට්ටම් වෙසක් කූඩුවේ ඇති කොටු සතරින් කියවෙන්නේ=(ජාති,ජරා,ව්‍යාදිය,මරණය) යන දේ මෙම කොටු සතරින් පෙන්වා දේ
*එහි ඇති ත්‍රිකෝන අටහි කියවෙන්නේ=(ආර්ය අශ්ඨංගික මාර්ග අංග අට ගැනයි)
*වෙසක් කූඩුවේ අලවා නිම කර ඇති සව් කොළ කඩදාසි වලින් හා නිරාමිස ආලෝකයෙන් කියවෙන්න=(උතුම් නිවන බවයි)
දැක්කද පින්වත් යාලුවනේ. අටපට්ටම් වෙසක් කූඩුවෙන් අපට කියාදෙන ඒ උතුම් නිවනට පමුණුවන ශ්‍රී සද්ධර්මය යී.

IMG_20210604_183336.jpg

යාලුවනේ ඔයාලා දකින්නට ඇති මෙම වෙසක් කූඩුවේ පින්තූරය.ඔබට හිතෙන්න ඇති අප ජිවිතයට අත්වන ඉරනම ගැන යාලුවනේ ඇත්තටම මේ ලෝකයේ සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි, හෙයින් දුකයි. තාම වසගයේ පවත්වා ගැනීමට බැරි හෙයින් අනාත්මයි.සියලු බුදු වරුන්ගේ ඔවදන වන.
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධානූ සාසනං සියලු අකුසල් නොකිරීමට ද, සියලු කුසල් වැඩිමටද,තමාගේ සිත පිරිසිදු කරගැනිමටද ,යන කරුණු සියලු බුදුවරුන්ගේ අනුසාසනාවයි..
නොපමාව කුසල් දහමේ හැසිරෙමු

තෙරුවන් සරනයි ස්ටීමිට් යාලුවනේ