පිටුපස සවිය
ශ්‍රේෂ්ඨ ස්ත්‍රී රත්නයක් විසින් දුකින් පෙළෙන ලෝ වැසියා එම දුකින් මුදවා ගැනීමට ඇයට ලබා දිය හැකි කැපකිරීම ඇය මෙලොවට සිදුකර හමාරය . ඒ ත්‍යාගය නම් ඇය විසින් ලොවට ජනිත කලා වු ඒ උතුම් පුරුෂ රත්නය නමින් " ලොවට අර්ථය දෙන්නා " යන්නේන් විරුදාවලිය ලබයි.
ස්ත්‍රීයක් ලද ඉහල සතුට තම කිරිකැටියා සමග දිවි ගෙවිමට උවත් ලෝක ධර්මතාවයට අනුව ඇය සත් දිනකින් කලුරිය කල යුතුය . ඇයත් එයට අවනත වී ධර්මතාවයට හිස නමා ආචාර කලේය. ඒ අප මහා උතුම් ශ්‍රේෂ්ඨයාණන් වහන්සේගේ මෑණියන් රත්නයයි. ඇය තම කුලුදුල් දරුවාගේ භාරකාරිත්වය තම නැගණියට පැවරුහ. ඇය එතැන් පටන් තම ලෙය කිරට හරවා කිරිකැටියා පෝෂණය කලේ අසීමිත සෙනෙහසිනි. ඒ මහා ශ්‍රේෂ්ඨයාණන් වහන්සේගේ සුලු මවයි.
නව යොවුන්වියට පැමිණිමත් සමග ම තවත් ස්ත්‍රී රත්නයක් මුණ ගැසුණි . මේ පුරුෂ රත්නයට ලොව පහළ වු ශ්‍රේෂ්ඨ උතුම් පුරුෂ රත්නය බවට පත් විමට දීපංකර බුදු පාද මූලයේ පටන් ලොව දුකින් මිදීම දක්වා සසර පාද පරිචාරිකාවේ යෙදුණු ඇය සිය අග මෙහෙසියයි. එතුමන් වහන්සේට ශ්‍රේෂ්ඨත්වයට පත් විමට ඇයට හැකි උපරිමය ඇය සසර පුරා කැප කලේය . ඇය ලොව අවසාන භවයෙදිත් සියල්ල කැප කල හමාරය . සසරේ ඇගෙ සෑම කැපකිරීමක් ම මල්ඵල ගැන්විණි. ඇගෙ ස්වාමි භක්තියට ලබා දිය හැකි උපරිම ප්‍රතිඋපකාර ත්‍යාගය ද ඇයට හිමි විය. ඒ ඇයට දුකින් මිදීමට හැකි විමයි. ඇයට සියලු කැපකිරීම් කිරිමට ශක්තිය වුයේ ඔහුය.
අපි තවම සංසාරයේ ඉපදෙමින් කැපකිරීම් කරමින් මිය යමින් තවමත් චාරිකාවේ යෙදෙමින් සිටියි. එක නවාතැනකදි අපිට මේ ස්ත්‍රී රත්නයන් මුණ ගැසෙණු ඇත. අපෙ ජීවන ගමනේදී අපේ ජීවිතයෙන් අඩකටත් වැඩියෙන් අපි වෙනුවෙන් තම සියලු දේ කැප කරන ඒ ස්ත්‍රීය වෙනුවෙන් අපි ඇයට කොපමණ ප්‍රතිඋපකාර කර ඇත්තෙමු දැයි අපි නිකමට සිතන්නෙහිද ?
මේ සසර තවමත් එවැනි උතුම් ස්ත්‍රීන් , පුරුෂයන් ඉපදෙමින් , කැපකිරීම් කරමින් මිය යමින් ගමනේ යයි . මේ ස්ත්‍රීය හා පුරුෂයා , ජිවිතයෙදි එක එක කාල පරාස වලදි විවිධ වෙනස් භුමිකා දරනු ඇත. දුව හා පුතා , පෙම්වතිය හා පෙම්වතා , සැමියා හා බිරිඳ , මව හා පියා මෙ හැම භුමිකාවන් දිහා එකිනෙක විමසිල්ලෙන් බලන විට එකිනෙකට නොහදුනන්නන් දෙදෙනෙකු එකට මුණ ගැසී කැපකිරීම් එකිනෙකා වෙනුවෙන් සිදු කරයි . ඒ භුමිකාවන් අතර දරාගැනීම් කැපකිරීම් වැඩිපුර සිදුකිරීමට සිදුවන තැනක් ජීවිත ගමනේ අපට මුණ ගැසෙයි. ඔබටත් මටත් දිනක එය සිදුකිරීමට ස්භව ධර්මයා ඉඩ ප්‍රස්ථාව අප සැමට සමානව ලබා දෙයි. අප ඒ උතුම් ක්‍රියාව කරන්නෙහිද ? , නැතිද ? යන වග අප එකිනෙකා සතු ක්‍රියාවකි. අපටද ඒ ශ්‍රේෂ්ඨත්වයට පත්විය හැක. කල යුත්තේ අප විසින් ඒ උතුම් ක්‍රියාව අනෙකාට කිරීම පමණකි.
Image source