Structures Of Script Writing.steemCreated with Sketch.

in Steem Sri Lanka11 days ago

image.png
source

අපි හැමෝම ෆිල්ම් බලනවා නේද ? ඒ වුනාට අපි ඒ බලන ෆිල්ම් මොන ආකෘතියෙ ඒවද කියලා අපි හිතලා නෑ නෙ. අපි ෆිල්ම් වල ඒ වගේ structure එකක් ගැන කතා කරමු උදාහරණ ත් එක්ක. ඒකෙන් එකක් තමා Multiple timeline structure කියන්නේ. මේක තිර රචනයේ වඩාත් සංකීර්ණ ආකෘතියකින් එකක්. මේකෙදි කතා කිහිපයක් වෙනස් ආකාරයකින් එකිනෙකට මිශ්‍ර වෙලා තියෙනවා. නමුත් කතා එකින් එක සෘජුව සම්බන්ධ වෙන්නේ නෑ. එක් කතාවක හේතුකාරකය සෑම වෙලාවෙම අනෙක් ඒවාට බලපාන්නේ නෑ. මේ කතා අතර ඇති සම්බන්ධය වන්නේ හැඟීම් සහ පණිවිඩ ලබාදීම, විවිධ කාල පරිච්ඡේදවල එකම ස්ථාන ප්‍රදර්ශනය කිරීම ආදී ලක්ෂණ. මෙම ව්‍යුහයේ විශේෂත්වය විශ්වයේ තියෙන සියලුම දේ කෙසේ හෝ සම්බන්ධ වී ඇති බවට හැඟීමක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න පුලුවන් වීම.

මේ බහු කාලරේඛා ආකෘතිය අතීත සහ වර්තමාන සිදුවීම් අතර සම්බන්ධතා හෙළිදරව් කිරීමට සහ විවිධ කාල හරහා චරිත වර්ධනය ආදිය සිදු කරනවා. මෙම චිත්‍රපටවල අතීත වර්තමාන අනාගත ආදී කථා විවිධ ආකාරවලින් ඇතුළත් වෙන්න පුලුවන් . සෑම කාලරාමුවක්ම විවිධ චරිත සිදුවීම් හෝ තේමාවන් කෙරෙහි අවධානය යොමු කළ හැකි අතර ඒවා බොහෝ විට එකිනෙකට බලපෑම් කරනවා .විවිධ කාලරේඛාවල සංකලනය මගින් ඉරණම, මතකය සහ කාලය ගතවීම වැනි තේමා ඉස්මතු කළ හැකි අතර කතා මගින් ගැඹුරු අර්ථයක් ලබාදෙනවා.රේඛීය නොවන ව්‍යුහයට එනම් බහු කාලරේඛා ආකෘතියට අනුව මෙම චිත්‍රපටවල සිදුවීම් එකට සම්බන්ධ කරන විට විවිධ කාලරේඛා අභිසාරී වන්නේ කෙසේදැයි යන ගැටලුවට මුහුණ දීමට බහු කාලරේඛා ආකෘතිය සහිත චිත්‍රපටයක් පළමු වරට නරඹන ප්‍රේක්ෂකයින්ට බොහෝ විට සිදුවෙනවා .
මෙම චිත්‍රපටවල අතීත සිදුවීම් වර්තමානයට අනාගතයට බලපානවා .
Cloud Atlas, fountain වැනි චිත්‍රපට Lost වැනි රූපවාහිනී වැඩසටහන් බහු කාලරේඛා ව්‍යුහය භාවිතා කරන ලද නිර්මාණ වෙනවා. මේ ආකෘති වල film මොනවාද කියලා ඊළඟ ආටිකල් වලින් අපි උදාහරණත් එක්ක කතා කරමු.

image.png
source

ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ෂණය කළ Memento චිත්‍රපටය තම බිරිඳගේ ඝාතනයට පළිගැනීම සඳහා කෙටි කාලීන මතක ශක්තියක් ඇති මිනිසෙක් වන ලෙනාඩ් ෂෙල්බිගේ කතාවයි. මේ චිත්‍රපටය කාල රේඛා දෙකක් අතර ගලායනවා. එක් කාලරේඛාවක් කාලයෙන් ඉදිරියට ගමන් කරන අතර අනෙක පසුපසට ගමන් කරනවා. ඉදිරියට ගලා යන කාල රේඛාවේදී ලෙනාඩ් තම බිරිඳගේ ඝාතනයේ අභිරහස විසඳීමට උත්සාහ කරනවා . එය ආරම්භ වන්නේ ඔහු සිහියෙන් සිටින විට ඔහුට විශ්වාස කළ හැකි හෝ නොකළ හැකි විවිධ චරිත හමුවීමෙන් . උදාහරණ විදිහට ඔහුට උදව් කිරීමට අවශ්‍ය බව පවසන බාර්ටෙන්ඩර් නටාලි සමඟ ඇති සම්බන්ධතාවය.
ලෙනාඩ් සැක කරන මිත්‍රයෙක් යැයි කියන ටෙඩීව ලුහුබැඳීමට සිතීම වගේ දේවල්. පසුපසට ගලායන කාලරේඛාවේදී ලෙනාඩ්ගේ ගමනේ අවසානයෙන් ආරම්භ වී පසුපසට ගමන් කරනවා . ඒකෙන් වර්තමාන මොහොතේ තීරණාත්මක සිදුවීම් අනාවරණය කරනවා. උදාහරණ විදිහට ලෙනාඩ් පච්ච කොටා වැදගත් තොරතුරු මතක තබා ගැනීමට ඔහු ඒවා භාවිතා කරන ආකාරය පෙන්වන දර්ශන, බිරිඳගේ මරණයට පෙර ලෙනාඩ්ගේ මතකයන් ඔහුගේ වර්තමාන තත්ත්වයට බලපාන ආකාරය ආදිය දක්වන පුලුවන්..

image.png
source

චිත්‍රපටය පුරාවට කාලරේඛා දෙක යම් යම් ස්ථානවල ඡේදනය වෙනවා . ලෙනාඩ්ගේ මතක ශක්තිය නැතිවීමෙන් පීඩා විඳි අතීතයේ ලෙනාඩ්ට හමු වූ සැමී ජැන්කිස්ගේ කතාව, නටාලි සහ ටෙඩී වැනි ඇතැම් චරිතවල සැබෑ තත්ත්වය ක්‍රමයෙන් හෙලිදරව් වෙනවා. චිත්‍රපටයේ ආරම්භක දර්ශනයේදී කතාවේ අවසානය පළමුව පෙන්වනවා. මෙමෙන්ටෝ චිත්‍රපටය සඳහා බහු කාලරේඛා ආකෘතිය භාවිතා කර ඇත්තේ මේ විදිහට. අපි තවත් ආටිකල් එකකින් ඉක්මනටම හම්බවෙමු.

Sort:  

!upvote 15


💯⚜2️⃣0️⃣2️⃣4️⃣ Participate in the "Seven Network" Community2️⃣0️⃣2️⃣4️⃣ ⚜💯.
This post was manually selected to be voted on by "Seven Network Project". (Manual Curation of Steem Seven).

the post has been upvoted successfully! Remaining bandwidth: 155%

Your post has been rewarded by the Seven Team.

Support partner witnesses

@seven.wit
@cotina
@xpilar.witness

We are the hope!