ආකල්ප වෙනස් කරගමුද....
යාළුවනේ අද ලියන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන.අපේ ජීවිත වගේම අපි අවට ඉන්න මිනිස්සුන්ගේ ජීවිතත් සාර්ථක වෙන්න නම් ඔවුන්ගේ ආකල්ප, අපගේ ආකල්ප යහපත් විය යුතුයි.ඉතින් ආකල්ප යහපත් වෙන තරමට මිනිස්සුන්ගේ සාර්ථකත්වයත් ඉබේම වැඩි වෙනවා.ඒ නිසාම යහපත් සමාජයක් බිහිවීමටත් ඒක මනාව බලපානවා.ඉතින් කොහොමද අපේ ආකල්ප යහපත් කරගන්නෙ? අපේ ආකල්ප වෙනස් කරගන්නේ?ඒක එච්චර අමාරු දෙයක් කියල මම හිතන්නේ නැහැ.මොකද අපි ආකල්ප වෙනස් කරනවා කියලා අපේ ලොකු ලොකු දේවල් වෙනස් කරගත යුතු වන්නේ නැහැ.ඉස්සෙල්ලම පොඩි තැනකින් ආරම්භ කරමු.මොකක්ද ඉතින් ඔය පොඩි තැන.හරි අපි උදාහරණයක් ගමු.
හිතන්නකෝ ඔයාගේ ආදරවන්තයාගේ, ආදරවන්තියගේ හෝ යාළුවෙක්ගේ උපන්දිනයක් තියෙනවා.ඔබ ඔහුට හෝ ඇයට වටිනා කියන දෙයක් ගන්නව හැබැයි එදාම ඒ දේ දියය යුතුයි.ඊට පස්සේ එකේ වටිනාකමක් නැහැ.නමුත් ඔබට එය ඔහුට හෝ ඇයට දීගන්න බැරි වෙනවා.සමහරවිට ඒක ඔවුන්ට වටින්නේ නැතුව ඇති, නැත්නම් වෙන හේතුවක් වෙන්නත් පුළුවන්.නමුත් ඒ දේ ඔයා දෙනවා , තමන්ගේ නවාතැන මහ පාර කරගත්, හරි හැටි කෑමක් බීමක් නැතුව දෙමව්පියන් සමඟ සිඟමනේ යෙදෙන කුඩා දරුවෙක්ට.ඉතින් ඒ දේ ලැබුනම ඔවුන්ගේ තියෙන සතුට? ඔයාට දැනෙන ආත්ම තෘප්තිය මගින් ඔයාගේ යහපත් ආකල්ප දියුණු වෙනවා.සමහර විට ඒක ඒ ළමයට මෙතුවක් කාලයට ලැබුණු එකම තෑග්ග වෙන්න පුළුවන්.සමහරවිට එතරම් වටින දෙයක් ඔවුන්ට මෙතුවක් කාලයට ලැබිලා නැතිවෙන්නත් පුළුවන්.ඉතින් හිතන්න ඔයාගේ යහපත් ආකල්ප දෙදෙනෙකුටම වැඩදායී වුනා නේද...😌😌