පින තියෙන්නෙත් සල්ලි වලද???

in Steem Sri Lanka3 months ago

SesTNU5BNu9SpG7g_IMG-20210902-WA0033.jpg
source

මවක තම දරු ගංදියට දැමූ තැන
කාසියෙන් පිරී ඇත බෝධියේ පින් කැට

අද article එක ලියන්න ප්‍රධාන හේතුව වුණේ චූලානන්ද සමරනායක නම් විශිෂ්ට කවියා විසින් රචිත මේ කවිය. මම අද තෝරාගත්ත මාතෘකාව ආන්දෝලනාත්මක වගේම ගොඩක් ගැඹුරු මාතෘකාවක්.ඉතිං ඒ නිසා පුළුවන් තරම් කෙටියෙන් මගේ මතය ඉදිරිපත් කරන්න මට හිතුණා. අනිත් ආගම් ගැන ලොකුවට අදහසක් නැති නිසා මම අදහන බුද්ධාගම මේ article ඒකට පාදක කරගන්නවා.මුලින්ම මේක ආගමට ගැරහීමක් හරි නිග්‍රහ කිරීමක් හරි ගැන නෙවෙයි මගේ මතය විතරයි.ගොඩක් වෙලාවට ඒකට ඔයාලා එකඟ වෙන්න හෝ නොවෙන්න පුළුවන්.හරි අපි දැන් මාතෘකාවට යමු.මට නම් හිතෙන්නෙම මිනිස්සු මේ කාලේ වෙනකොට සෑහෙන්න මංමුලා වෙලා ඉන්නවා කියලා ආගම පැත්තෙන් ගන්නකොට.හරි මං ඒකට හේතු ගේන්නම්.මිනිස්සු ගොඩක් වෙලාවට හිතනවා, පඩුරු වලින් ගොඩක් පින් ලැබෙනව කියල, පව් කමාවෙනව කියල. ඇස් ඉදිරිපිට පේන්න ඉන්න අන්ත අසරණ මිනිස්සුන්ට , ජීවිතේ ගැට ගහගන්න හිතන්නවත් බැරි තරම් වෙහෙසෙන මිනිස්සුන්ට උදව්වක් කරන්න පැකිලෙන මිනිස්සු ගමනක් යද්දී බෝධියක් ලඟ පඬුරු දාලා යන්න පැකිලෙන්නෙ නැහැ. පුළුවන් තරම් මාර්ග නීති කඩකඩ පඬුරක් දාපු පමණින් ඔයා ආරක්ෂා වෙන්නේ නැහැ , ඒකෙන් වෙන්නේ හිතට පොඩි සැනසීමක් විතරයි කියලත් මිනිස්සුන්ට වැටහෙන්නේ නැහැ. මොකද මිනිස්සු සෑහෙන තරම් බොළඳ විශ්වාසවල ගිලිලා ඉන්නවා.

Screenshot_20240802_113649_edit_878603709163214.jpg

මේකෙ ලස්සනම තැන පටන් ගන්නේ මෙතන නෙමෙයි දඹදිව ගියාම.මිනිස්සු දඹදිව ගිහිල්ලත් පඩුරු පූජා කරලා එනව ඒත් මොකටද?? ඉන්දියාවට ඒ පඬුරු වැඩක් නැහැ , අපිට වැඩක් තියෙනවා ගන්න බැහැ. පන්සලක් ගාව මල් පෝච්චියක් තිබ්බත් ඒකටත් සල්ලි දාන්න තරම් මිනිස්සු අන්ධ වෙලා ඉන්නවා.පින් ලැබෙන්න නම් සල්ලි දාන්න ඕන කියල මිනිස්සු පෙළඹිලා ඉන්නවා මිනිස්සුන්ව පොළඹවන ගමන් ඉන්නවා.ඉතිං අපි සල්ලි විසි කරන්නේ විසි කරන්න ඕනම තැන්වලද? අපේ රටේ ගොඩක් ළමයින් ඉන්නවා ජීවිතේ ගොඩක් දේවල් අතහැරලා ඉන්න ඔවුන්ට ලැබිය යුතුම දේවල් මගහැරෙමින් ඉන්න.ලොකු දේවල් ඕන නැහැ අපිට බැරිවෙලා තියෙනවා තවමත් රටේ වාසනාවට ඉපදෙන දරුවන් රට තුලම දැඩි කරන්න සමහර වෙලාවට ඔවුන් රැගෙන යනවා අම්මලට වත්කමක් නැති නිසා දරුවන්ව වැඩීමට. ඉතින් අපි ඒ විසිකරන සල්ලි හරි තැන්වලට විසිකරොත් මේ ලෝකෙ තවත් ලස්සන තැනක් වේවි. ඉතින් මේක ගැඹුරු මාතෘකාවක් නිසාම කොටස් කීපයකින් මේක ගැන ලියන්න හිතුනා.ඒ නිසා පළවෙනි කොටස මෙතනින් ඉවර කරනව.ඔයාලගේ අදහසත් ලියන් යන්න අමතක කරන්න එපා.

Sort:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @ayesha98,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community