ලෝක ළමා දිනය

in Steem Sri Lanka4 days ago

1000093099.jpg
source

ඉතින් රටක අනාගතය කියන්නේ ළමයි.වැඩිහිටියන්ගේ ප්‍රධාන යුතුකමක් තමයි ළමයින්ව ආරක්ෂා කරන එක, ඒ වගේම ඔවුන්ව ගුණධර්මවලින් අධ්‍යාපනයෙන් ස්වයංපෝෂිත කරන එක.එහෙම නැති වුනොත් ඒක සමාජයේ අයහපතට වගේම රටක අනාගත පසුබෑමටත් ප්‍රධානව බලපානවා.ඔව් අද ලෝක ළමා දිනය නිසාම මට හිතුනා ළමයි ගැන ලියන්න, මේක ගැන ලියද්දි මම ආසම කවියෙක් වන ශෂික සදීප් විසින් ලියපු ලස්සන කවි දෙකක් වගේම ඔහුගේ අදහසත් මේකටම ඇතුලත් කරනවා මොකද ඒක හරියටම ගැලපෙනවා.අපේ රටේ දරුවන් වගේම නූපන් දරුවන් පවා මේ වන විටත් ණය බරට ලක්වෙලා තමයි ඉන්නේ, ඒ වගේම කණගාටුවට කරුණ තමයි, දිළිඳුකම නිසාම මන්ද පෝෂණයට ලක්වෙලා සිටින ළමයි ගණනක් දවසින් දවස වැඩිවෙන රටක තමයි අපි ජීවත් වෙන්නේ.මම දැක්කා මුහුණු පොතේ සැරිසරපු එක වීඩියෝ එක පොඩි ගෑණු ළමයෙක් කන්න නැති නිසා බඩගින්නට සීනි දිය කරලා වතුර බොනවා කියල කියනවා.ඉතින් හිතාගන්න පුළුවන් නේද ? කිසි දෙයක් නොදන්න අසරණ ළමයි කොයි වගේ තත්ත්වයකද මේ වෙනකොට ඉන්නේ කියලා.ඉතිං අපි මේ ළමයි ආරක්ෂා කරගන්න ඕන.ළමයින්ට අධ්‍යාපනය වගේම, නිහතමානීකම පරාර්ථකාමී බව බෙදා හදා ගැනීම ඉගැන්වීම අත්‍යවශ්‍යයි.නැත්නම් අනාගතයටත් එකතු වෙන්නේ බල ලෝභී ආත්මාර්ථකාමී වර්තමානයේ සිටින දේශපාලකයින් වගේ පිරිසක්.


දහ දොළොස් වතාවක් සමන්ගිර වැඳපූ
"වියපත්ම සමණලුනි" වසන්තය මරපූ
පෙනේවිද තැනින් තැන හල හලා කඳුළු
දළඹුවන් අව් සැරට පිච්චෙනා අයුරූ..........

ඇල්මැරුණු වේලිච්ච අතුඅගිස් බිම දමමු
පැළ වලට නිල් අහස දකින්නට ඉඩ හරිමු
වැරදි නිවැරදි කරන් ලෝකයට මං තනමු
ලස්සනම හෙට දිනක් පැටවුන්ට අපි හදමු.........


දැනුම් තේරුම් තියෙන වැඩිහිටියො විදියට
උපනූපන් දරුවන් වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් හොඳම දේ,,,දරුවන්ට සතුටින්,ආරක්ෂිතව ඉන්න පුළුවන් රටක් හදලා දෙන එක.ඒක ඔබටත් මටත් ඇතහැරිය නොහැකි වගකීමක්.වැරදි නිවැරදි කරන් අපි ඒ යුතුකම ඉටකරමු.

ලංකාවෙ වගේම ලෝකවාසී සියළු දරුවන්ට
ප්‍රීතිමත් ළමා දිනයක් !!!!

Shashika sadeep හීන with shashi