HIT - The First Case
source
ඉතින් අද අරගෙන ආවේ මම බලන්න ආස විදියෙ crime thriller movie එකක්.මම මේ ජාතියේ ෆිල්ම් බලන්න වැඩියෙන්ම ආස තියෙන කුතුහලය නිසාමයි.මොකද ගොඩක් ෆිල්ම් එන්න එන්නම කුතුහලය වැඩි කරනවා අන්තිම තත්පරය වෙනකන්.එතකොට ෆිල්ම් එකේ තියෙන රසය සහ ගුණාත්මක භාවය තව තවත්වැඩි වෙනවා.මේ ෆිල්ම් එකත් 2020 නිකුත් වුන එකක්.imdb 7.6ක ඉහල අගයක් මේ movie එකට ලැබිල තියෙනව.හරි අපි කතාව ගැන පොඩි අදහසක් ගමු.
ප්රියා කියලා තරුණියක් අධිවේගී මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී හිටිහැටියේ වාහනය නවතිනවා.ඉතින් මේ තරුණිය හවස් වෙනකම්ම ගෙදරට නොපැමිණ නිසා ඇයගේ දෙමව්පියන් විසින් පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කරනවා.ඒ අනුව පොලිසියෙන් ඇවිල්ලා ඒ ගැන විමර්ශනය කරත් කිසිදු තොරතුරක් ඔවුන්ට ලබාගන්න ලැබෙන්නේ නැහැ.ඉතින් මේ අතරවාරයේම අපරාධ අංශයේ සේවය කරන තවත් නිලධාරිනියක් අතුරුදහන් වෙනවා.ඉතින් මේ සිද්ධීන් දෙක නොගැලපුනත් කතාවට මේක හරි අපූරුවට සම්බන්ධ වෙනවා.ඉතින් මේක මෙහෙයවන්නෙ අපරාධ අංශයේ අති විශිෂ්ටයෙක් වන වික්රම් කියන තරුණ නිලධාරියා.තිළිණ ඔහු විසින් ප්රියාගෙ වාහනය ගැන හොඳින් විමර්ශනය කළත් ඔහුට හම්බෙන්නෙ එකම එක පුළුං කෑල්ලක් විතරයි.ඉතින් මේ සාක්ෂියෙන් විතරක් ඔහුට අපරාධය ගැන හරියට හොයන්න පුළුවන් වේවිද?මේ තරුණියන් දෙදෙනාට මොකක්ද වුනේ උනේ ඔවුන් ගැන හරි තොරතුරක් වික්රම්ට හොයාගන්න පුළුවන් වෙයිද?ඉතින් මේ පිළිබඳව සැකෙන් කුතුහලයෙන් කතාව ඉවර වෙනකන්ම බලන්න පුළුවන් විදියට නිර්මාණය කරන්න මොවුන් සමත් වෙලා තියෙනවා . ඔයාලත් බලන්න බලලා ඔයාගේ අදහසත් ලියන් යන්න් අමතකක කරන්න එපා.