මහේල ජයවර්ධන

in Steem Sri Lankayesterday

1000131161.jpg
source

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.ඉතින් අද ලියන්න යන්නෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින් ගොඩක් ආදරේ කරන වගේම ගොඩක් ගරු කරන ක්‍රීඩකයෙක් ගැන.ඒත් තමයි නම කියූ පමණින් හැමෝම අඳුරන එදා මෙදා තුර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නම් ගියූ නායකයන් අතර ඉහළින් සිටින මහේල ජයවර්ධන.මහේල 1977 වර්ෂයේදී උපත ලැබූ අතර ඔහු වයස අවුරුදු 20දී ඒ කියන්නේ 1997 දී ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමට ජාතික වරම් ලබාගන්නවා.ඉතින් මහේල ජයවර්ධන ආරම්භයේ සිටම කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ නිසා කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ස්ථාවර කරගැනීමට මහේල සමත් වෙනවා.

මහේල ජයවර්ධන දකුණත් පිතිකරුවෙක් වන අතර ඔහු ක්‍රිකට් දිවියට සමුදෙන විට ටෙස්ට් තරඟවල ඔහුගේ සාමාන්‍යය 50ට ඉතා අසන්නා තබා ගැනීමට මහේල සමත් වෙනවා.ඒ පමණක් නෙමෙයි 2007 වර්ෂයේ දී ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවමින් නායකයෙක් ලෙසත් ක්‍රීඩකයෙක් ලෙසත් තම දක්ෂතාව හොඳින් පෙන්වීමට මහේල සමත්වෙනවා.2011 වර්ෂයේ ලෝක කුසලානයේදිත් අවසන් තරඟයේ ඉන්දියාවට එරෙහිව පෙරළිකාර ශතකයක් ලබාගනිමින් තමාගේ හැකියාවන් ලෝකය ඉදිරියේ පෙන්වා දීමට මහේල
සමත් වුණා.මහේල සහ කුමාර සංගක්කාර එක්ව දකුණු අප්‍රිකාවට එරෙහිව ලබාගත් ලකුනු 624ක සබඳතාව අදටත් නොබිඳුණු ලෝක වාර්තාවක් විදියට පවතිනවා.එක් දින සහ ටෙස්ට් තරඟවල ශ්‍රී ලංකා කණ්ඩායමේ හතරවන ස්ථානය තමන් සතු කරගෙන ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයෙක් විදියට වටිනා කාර්යභාරයක් ඉටු කිරීමට මහේල සමත් වුණා.ඉතින් මහේල කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන නාමයක්.