කිරුලු නොපැලදූ ක්‍රිකට් ලොව රජු
ශ්‍රී ලංකා ක්‍රිකට් මෑත ඉතිහාසය ගත්තම ජයසූරියලගෙන් පස්සේ ඒ කියන්නේ සංග මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමය ලෝකයට ගෙනියන කාලේ , ශ්‍රී ලංකා ක්‍රිකට්වල වෙනම රහක් වෙනම හැඩයක් ඇති කරන්න මේ ක්‍රීඩකයා සමත් වුණා.සනත් ජයසූරියගෙන් පස්සේ ප්‍රවේගකාරී ආරම්භය නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ ඇති කරන්න මේ අද්විතීය ක්‍රීඩකයා සමත් වුණා.ඒ නිසාම ක්‍රිකට් රසිකයින් විශාල ප්‍රමාණයක් මේ ක්‍රීඩකයා වටා එක් රොක් වුණා.ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි ලොවක් හඳුනන ලොවක් එක් පහරකින් හඳුනාගත් , තම නම ඉදිරියේ ක්‍රිකට් පහරක් ලෝකයට හඳුන්වා දුන් ක්‍රීඩකයා තිලකරත්න දිල්ෂාන්.මගේ පෞද්ගලික කැමති ක්‍රීඩකයන් අතර ඉහලින්ම ඉන්න ක්‍රීඩකයෙක් තමයි තිලකරත්න ඩ්ල්ශාන්. ඉතින් අද කතා කරන්න යන්නේ මේ දැවැන්ත තුන් ඉරියව් ක්‍රීඩකයා ගැන.
ඩිල්ෂාන් කියන්නේ දකුණත් පිතිකරුවෙක් පමණක්ම නෙවෙයි.ඔහු විශිෂ්ට දඟපන්දු යවන්නෙක්, ඒ වගේම ඒ කාලෙ ටීම් එකේ හිටිය දක්ෂතම පන්දු රකින්නා, ඒ විතරකුත් නෙවෙයි කඩුලු රකින්නෙක් විදියටත් කාලයක් කණ්ඩායමට ඔහුගේ සේවය ලබා දුන්නා.ඉතිං ඔයාලට හිතාගන්න පුළුවන්නෙ ඩිල්ෂාන් කියන්නේ මොන වගේ ක්‍රීඩකයෙක්ද කියලා.ඩිල්ෂාන් ජාතික කණ්ඩායමට සම්බන්ධ වෙන්නේ 1999 වර්ශයේදී.නමුත් ඔහු ආරම්භයේ සිටම කැපීපෙන දක්ෂතා දක්වන සමත් වුණේ නැහැ.ඒ නිසාම වරින් වර කණ්ඩායමට කැඳවීම් කණ්ඩායමෙන් ඉවත් කිරීම්.සිදුවුනා.ඒ වගේම ඩිල්ෂාන් මැදපෙළ ක්‍රීඩකයෙක් වගේ තමයි කණ්ඩායමේ සෙල්ලම් කරේ , හරියට කුමාර ධර්මසේන , රසල් ආනල්ඩ්, උපුල් චන්දන වගේ.ඉතින් ඩිල්ෂාන්ගේ ක්‍රිකට් දිවිය කණපිට හැරෙව්වෙ 2007 වර්ෂය කිව්වොත් මා නිවැරදියි.ඒ විස්සයි විස්ස ලෝක කුසලානය. එහිදී ආරම්භක පිතිකරුවෙක් ලෙස පැමිණි ඩිල්ෂාන් තමන්ටම ආවේනික ඩිල්ස්කුප් පහර සමගම විශිෂ්ට දක්ෂතා දක්වමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමටත් සමත් වුණා.ඉතින් එදායින් වෙනස් වූ ඔහුගේ ක්‍රිකට් දිවිය 2016 වර්ෂය වනතුරුම කැපී පෙනෙන දක්ෂතා වාර්තා පිහිටුවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හැඩ කරන්න දායක වුණා.2011 එක්දින ලෝක කුසලානයේදී උපුල් තරංග හා එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් වාර්තා පිට වාර්තා තියන්නත් ,ශතක එකදිගට රැස් කරමින් එම තරගාවලියේ අනුශූරයන් කිරීමටත් ඩිලා ලබා දුන්දායකත්වය ඉතා ඉහලයි.ඉතින් ඩිල්ෂාන් එක් දින තරඟ රටාවතුළ ලකුනු 10000 සීමාව පසුකර යාමට සමත් වෙලා තියෙනවා, ඒ වගේම ඔහු ශතක විසි දෙකක් ලබාගෙන තියෙන අතර ඉන් 15ට එහා 2009 වර්ෂයෙන් පසුව බව නම් මට හොඳටම සහතිකයි.මොකද ඩිල්ෂාන්ගේ peak time එක තිබ්බේ අවසන් වසර කිහිපයේදීයි.එක් දින තරංග රටාව තුල ඔහුගේ සාමාන්‍යය 40ට අසන්නයි.ඒ වගේම එක්දින තරග වල කඩුලු සීයක් ලබාගැනීමටද දිල්ෂාන් සමත් වෙලා තියෙනවා.ඉතින් ඩිල්ෂාන් කියන්නේ එසේ මෙසේ ක්‍රීඩකයෙක් නෙමෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් වර්ණවත් කරන්න පෑයූ තරුවක්.ඩීල්ශාන්ගෙ හැකියාවන් තවමත් ඔහු ලීග් තරගවල පෙන්වමින් ඉන්නව.