මෙවර ශූරයන් කවුරු වෙයිද???

in Steem Sri Lanka5 days ago

FB_IMG_1719652469428.jpg

ඉතින් යාලුවනේ හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.මාසයක් පුරාවට පැවතුණු විස්සයි විස්ස ලෝක කුසලාන උණුසුම අද දිනයෙන් නිමාවීමට අවසානයි.මෙවර අවසන් මහා තරගයේ ගොඩක් විශේෂ වෙනවා.හරි අපි බලමු ඒ මොකද කියල.ඉන්දියාව විස්ස විස්ස ලෝක කුසලානයක අවසන් වරට අවසාන මහා තරගයකට සුදුසුකම් ලැබුවේ 2014 වර්ෂයේදී.එම තරඟයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පරාජය වන්නට ඉන්දියා කණ්ඩායමට සිදුවුණා.ඉන් පසුව අවස්ථා දෙකකදී ඉන්දියාවට අවසන් පූර්ව වටයෙන් ඉවත්වන්නට සිදුවුණා.කෙසේ හෝ මෙවර තම දක්ෂතා මනාව පෙන්වමින් අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට ඉන්දියා කණ්ඩායම සමත් වුණා.මෙවර ඉන්දියා කණ්ඩායමේ විශේෂත්වය කණ්ඩායමේ නැංගුරුම විදියට සලකන විරාත් කෝලි තරගාවලියේ මේ වනතෙක් දක්ෂතා අතරට පැමිණීමට සමත් වුණේ නැහැ.නමුත් කෝලි කියන්නේ එසේ මෙසේ ක්‍රීඩකයෙක් නෙවෙයි, පීඩනය මැද තරග දිනවන්න පුළුවන් ක්‍රීඩකයෙක්.ඉතින් සමහර වෙලාවට සංගක්කාර 2014 විස්සයි විස්ස අවසන් මහා තරඟයේදී වගේ තරගාවලිය පුරා අසාර්ථක වෙලා අවසන් තරගයේදී winning role එකක් play කරන්නත් බැරිකමක් නෑ.ඉන්දියා කණ්ඩායම හොඳ balance team එකක්.රෝහිත් ශර්මා තරගාවලිය පුරාවට සාර්ථක වෙලා තියෙනවා.ඒ වගේම මැද මැද පෙළ හාර්දික් පාන්ඩ්‍යාත් තුන් ඉරියව්වෙන්ම තරගාවලිය පුරා දක්ෂතා පෙන්නමින් ඉන්නවා.බුම්රා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.ඉතින් ඉන්දියාව කියන්නෙම ප්‍රබල ටීම් එකක්, ඒ වගේම සුපිරි අභියෝගයක්.

FB_IMG_1719652478760.jpg

හරි අපි යමු අනිත් පැත්තට.මේක තමයි විශේෂත්වය.ක්‍රිකට් ක්‍රීඩාවේ අවාසනාවන්තම කණ්ඩායම මොකක්ද කිව්වොත් ඔයාලා හොඳටම දන්නවා ඇති මොන කණ්ඩායමද කියලා.ඒ තමයි දකුණු අප්‍රිකාව.කොච්චර සුපිරි ක්‍රීඩකයින් ඉද්දිත් අවසන් මහා තරගයකටවත් සුදුසුකම් ලැබීමට තරම් දකුණු අප්‍රිකා කණ්ඩායම පෙර අවස්ථාවන්වලදී වාසනාවන්ත වුණේ නෑ.ඇත්තටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක අවාසනාවන්තකම.මොකද ගොඩක් තරගවලදී ඔවුන්ට අවසන් මහා තරගය මිස් වෙන්නේ අවාසනාවන්ත කම නිසා නැතුව දක්ෂතාව අඩුකමක් නිසා නෙවෙයි.නමුත් මක්‍රම් ප්‍රමුඛ මෙවර කණ්ඩායම එය වෙනස් කරමින් පෙරළිකාර විදියට අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්න මෙවර සමත් වුණා.ඒ පෙරළිකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අවසන් පූර්ව වටේදී පහසුවෙන් පරාජයට පත් කරමින්.දකුණු අප්‍රිකා කණ්ඩායමත් ඉතා ප්‍රබල කණ්ඩායමක්.පන්දු යැවීම අතින් තරගාවලිය පුරා සැම්සි දඟපන්දු වෙනුත් , රබාඩා ජැන්සන් ප්‍රමුඛ අනිත් පන්දු යවන්නන් වේගපන්දු වෙනුත් කැත විරුද්ධ කණ්ඩායම්වල පිතිකරුවන් අන්ත අසරණ කරන්න තරගාවලිය පුරා සමත් වුණා.පිතිකරුවන් පැත්තෙන් ගත්තත් ඩිකොක්, මක්‍රම් , ක්ලාසන්, මිලර් වගේ දක්ෂයන්ගෙන් ඇතුළත් ප්‍රබල කණ්ඩායමක් තමයි දකුණු අප්‍රිකාවටත් ඉන්නේ.ඉතිං අපි බලන් ඉන්නව අවසන් මහා තරගය රසිකයින්ගේ හිත්දිනාගන්න පුළුවන් සුපිරි තරගයක් වෙයි කියලා.

Sort:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @damindu,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community