CHAMPIONS🤩

in Steem Sri Lanka4 days ago

FB_IMG_1719885363636.jpg

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. ක්‍රිකට් රසිකයින් මාසයක් පුරාවට ආසාවෙන් බලපු පෙරලිකාර තරගාවලියක් බවග පත්වූ මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවට ශූරතාවය ලබාදෙමින් නිමාවට් පත්වුනා. ඒ දකුණු අප්‍රිකාව අතර පැවති සුපිරි අවසන් මහා තරගයකින් පසුවයි.පලමු වරට අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ දකුණු අප්‍රිකා කණ්ඩායමේ පෙරලිකාරී වෙනස නිසාම ඔවුන්ගේ ජයත් බොහෝ පිරිසක් අනුමාන කලා.කණ්ඩායම් දෙකම තරගාවලිය පුරා අපූරුවට තම දක්ශතා පෙන්වූයේ අපරාජිතව අවසන් මහා තරගය දක්වා පැමිනෙමින්. තරගයේ විශේශත්වය වූයේ කණ්ඩායම් දෙකම සතුව එක හා සමාන දක්ශ සහ සමබර ක්ණ්ඩායමක් සතු වීමයි.

FB_IMG_1719885369232.jpg

කොහොමහරි තරගයේ ප්‍රතමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩයමේ කඩුලු තුනක් ඉක්මනින් දවා ගැනීමට දකුණුඅප්‍රිකා කණ්ඩායම සමත් වුනත් කෝලි සමග එක්වූ අක්සාර් පටෙල් වැටුනු ඉනිම ගොඩනගමින් ලකුණු 176 ක ඉලක්කයක් දකුණු අප්‍රිකා කණ්ඩායමට ලබාදීමාට සමත් වුනා.තරගාවලිය පුරා අසාර්තක වූ විරාත් කෝලි 2014 සංගක්කාරගේ ඉනිම යලි මතකාවර්ජ්නය කරමින් මේ තරගයේදි විශිශ්ට ලකුණු 76ක් ලබාගනිමින් තරගයේ වැඩිම ලකුනු ලාභියා වීමට සමත් වුනා.අක්සාර් පටෙල් ලකුනු 47ක්.ලබාගත්තේතේ ඔහුට මනාව සහයවෙමින් .පිලිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට පැමිණි දකුණු අප්‍රිකා කණ්ඩායම විටෙක තරඟය තමන් අතට අරගෙන තිබුණේ පන්දු තිහක් තුල ලකුණු 30ක් පමණක් අවශ්‍ය වෙමින්. ඔවුන් සතුව කඩුලු හයක්ද අතැතිව තිබුණා.නමුත් පන්දුව අතට ගත් බුම්රා තරගය සම්පූර්ණයෙන් උඩුයටි කුරු කරේ හොඳින් ලකුණු ලබා සිටි හෙන්‍රි ක්ලාසන් දවා ගනිමින්.එම පන්දු වාරයේම ජැන්සන් දවා ගත් අතර තරගයේ වැඩි වාසි ඉන්දියාව දෙසට හැරවීමට ඔහු සමත් වුණා.එලෙස අන්තිම පන්දුවාර හතර හොඳින් ක්‍රියාත්මක කළ ඉන්දියා පන්දු යවන්නන් ලෝක කුසලානයක පහස ලැබීම දකුණු අප්‍රිකා ක්‍රීඩකයන්ට තවත් කල් යවමින් මෙවර ශූරයන් බවට පත්වුණා.ඒ සුපිරි අවසන් තරගයකට පසුවයි.

FB_IMG_1719885375491.jpg

Sort:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @damindu,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community