Self Love

in Steem Sri Lanka10 months ago

360_F_369105392_DgZXHllggJ0hMmSltyt2awSh90mDV6XY.jpg
source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. අද ලියන්න යන්නෙ ටිකක් වෙනස් ඒත් අපි හැමෝටම ගැලපෙන ටිකක් පෙරලිකාර මාතෘකාවක් ගැන. අපි ගොඩක් වෙලවට අනිත් මිනිස්සු ගැන හිතල අපේ ජීවිතේ සෑහෙන්න කැපකිරීම් කරනව. ඔබටත් මටත් ඒ වගේ සෑහෙන්න අත්දැකීම් තියෙනව.ඒත් ඒ කැපකිරීම් නිසා අපිට වෙන පාඩු , වෙන හිරිහැර ගැන ඔවුන් තකන්නේ නෑ. අනුන්ට පවු කියන්න කලින් තමන්ට පවු කියන්න ඉගෙන ගන්න. තමන්ට කරුණාවන්ත වෙන්න. තමන්ට ආදරේ කරන්න.හැම දේටම එකඟ වෙන එක සමබර පෞර්ෂයක ලක්ෂණයක් නෙවේ. තමන්ට හැකි දේට හා කියන්නත් නොහැකි දේට කෙලින්ම බෑ කියන්නත් අපි දක්ෂ වෙන්න ඕනේ.එදාට අපිට තියන හිරිහැර ගොඩක් අඩු වෙනවා. පීඩනය ගොඩක් අඩු වෙනවා. ප්‍රශ්නත් අඩු වෙනවා. අපි අපේ සිමා මායිම් සලකුණු කරලා අපිට ආදරේ කරද්දී " නැහැ / බැහැ " වචන නිසා අපි එක්ක තරහ වෙන කොටසක් ඉන්නවා. අන්න ඒ මිනිස්සු එකෙන්ම ජීවිත වලින් ඉවත් වෙලා යන්න ඕනේ විෂ සහිත මිනිස්සු. ඔවුන් ඉන්නේ ඔබෙන් ඔවුන්ට ඇති ප්‍රයෝජන නිසා විතරයි. ප්‍රයෝජනය ඔවුන්ට ඕනේ වෙලාවට නොලැබෙන කොට ඔවුන් දාල යනවා. දාල ගියාට බය වෙන්න එපා. මොකද කවදාවත් විපතකදී ඔබ වෙනුවෙන් ස්ටෑන්ඩ් කරන මිනිස්සු නෙවේ ඔවුන්. ඔවුන් නැති වෙන එකම ඔබට ලාභයක්. මේ ගැන ලියපු Article එකක් මුහුනුපොතෙන් දකින්න ලැබුනා. ඒකෙ සමහර කරුනුවලට පෞද්ගලිකව එකග නොවුනත් යම්තාක් දුරට ඒකෙ වැරැද්දක් කියන්න්ත් බෑ. ඉතින් ඔයාලත් මේක නිදහසේ කියවල බලන්න කොයිතරම් දුරට මේක සාදාරණද් කියල.


අවශ්‍යය වෙලාවට " නැහැ " කියන්න ඉගෙන ගැනීමත් self love එකේ කොටසක් .....

සිදුවීම 01 :

ඔයා සතියේ දවස් 7 ම මහන්සි වෙලා වැඩ කරලා ඉරිදා වයිෆ් එක්ක කඩෙන් කෑම ගෙනත් කාල නිදහසේ ඉන්න හිතනවා. ඔන්න සෙනසුරාදා හවස කෝල් එකක් එනවා.

" පුතේ අපි ගමේ කට්ටිය එක්ක වන්දනාවේ ආවා හෙට ඔයාලගේ අහ ලන්ච් වලට එනවා " මේ කියන්නේ ඥාති කෙනෙක්.

ඔබට මහන්සිය කියන්න බැහැ. වයිෆ් වුනත් මුණ නරක් කරගත්තා. නමුත් " හෙට නම් බැරි වෙයි නැන්දේ . මට වැඩ වගයක් තියනවා. " කියන්න ඔබට හැකියාවක් නැහැ. නැන්දා මොනවා හිතයිද? අනික් අය එක්ක බනියිද? අම්ම දොස් කියයිද? අනික නැන්දා පවු . වගේ සිතුවිලි නිසා ඔබ හා කියනවා.

ඊළඟ දවස ඔබ සහ වයිෆ් නහිනවා. ට්‍රිප් කට්ටිය ඇවිත් හෝටලෙන් කනවා වගේ නොමිලේ කාල, අස් කරපු ගේ හැඩි කරලා වලන් ටිකත් එහෙම්ම දාල යනවා. සේරම හෝදලා ඉවර වෙද්දී රෑ දොළහත් පහු වෙලා.

වගකීම් විරහිතව නොදනවා ගමන් එන නැන්දා පවු. හැබැයි සතියම මහන්සි වුනු ඔබ..විවේකය නැති වුනු ඔබ පවු නැහැ.

..................................................................................................

සිදුවීම 02 )

අවුරුදු 18 සිට ඔබ තමා ගෙදර උපයන්නා.. අම්මා වැඩට යන්නේ නැහැ. වයස 45 ක් වුනත්. වැඩක් කරන්න කිවොත් අම්මා කියනවා " ලැජ්ජාවේ බැහැ. අපි වැඩවල් වලට ගිය ගෑනු නෙවේ " කියල.

ඔබ බොහොම අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරනවා කර මාලයක් ගන්න. ඒක දැනගන්න අම්මට ඒ සල්ලි ඕනේ වෙනවා ගෙදරට අලුත් ටි වී එකක් ගන්න. තියන ටි වී එක පරණ නිසා තිත් වැටෙනවා. අම්මට දවල් නිකන් ඉද්දි බලන්න හොද ටි වී එකක් ඕනේ වෙනවා.. බැහැ කීවහම අම්මා පොළොවේ හැපෙනවා.

" උබට දැන් සල්ලි නේද ලොකු? අනේ මම කිරි දුන්නේ මැනලද?"

ඔබ අන්තිමේ මාලයේ අදහස අමතක කරලා අම්මට ටි වී එක අරන් දෙනවා.

අම්ම පවු. හැබැයි ඔබ පවු නැහැ.

..............................................................................................

සිදුවීම 03

ඔබ සහ සැමියා නිදහසේ ඉන්න ඔෆිස් එක කිට්ටුව අනෙක්ස් එකකට එනවා. ටික දවසකින් නංගි ගේ කැම්පස් එක ලග කියල අම්ම නංගිව එවන්න අහනවා.

දැන් ඉතින් එකම සැණකෙලියයි. නංගිට රෑට නොකා ඉන්න බැහැ ඔයාල දෙන්න ඵස්ටින් කරත්. අනික නංගි හැම වේලටම වෙනම කන්නේ. ෆ්‍රිජ් එකේ දාල කන්නේ නැහැ. සෙනසුරාදා කොහේ හරි ගියොත් නංගිත් එල්ලිලා එනවා. ඒ නිසා ඔයාල දෙන්නට ෆිල්ම් එකක් වත් නිදහසේ බලන්න විදිහක් නැහැ. එක බත්රුම් එකක් තියන නිසා හස්බන්ද්ට ටවල් එක වත් ඇදන් එලියට එන්න විදිහක් නැහැ. ගෙදර ෂර්ට් එක නැතුව ඉන්න බැහැ. ඔබල දෙන්නගේ නිධහස බාදා වෙනවා.

ඒ වුනත් නංගිට බෝඩිමකට යන්න කියන්න බයයි. අම්ම බනියි. නංගි වරදිවට හිතයි.

වෙනම යන්න සලලි වියදම් කරය අපේක්ෂිත නිදහස නැති ඔබ පවු නැහැ. නංගි පවු.

..................................................................................
සිදුවීම 04

දවසක් හදිස්සියක් වෙලා දුවගේ යාළුවව පන්තියෙන් අරන් ගිහින් දාන්න ඔබ බාර ගන්නවා. එදා සිට යාළුවගේ දෙමාපියන් ඒ ලමයව ගෙනියන එක ඔබේ වගකීමක් කරනවා. මේ නිසා ඔබට අමතර පෙට්‍රල් වියදමක් යනවා. කාලය නාස්ති වෙනවා. ඒ වුනත් ඔබ බයයි ඒ ගැන කියන්න. එයාල තරහ වෙයිද දන්නේ නැහැ.

මේ සිදුවීම් සේරම එදිනෙදා වෙන දේවල්. " නැහැ " " බැහැ " කිවිමේ නොහැකියාව නිසා ඔබ අපමණ වෙහෙසට මානසික පිඩාවට ලක් වෙනවා. නමුත් මුලදීම නැහැ කියන්න ඔබට හයියක් නැහැ.

මේ සෙතේ වෙන්නේ අනුන් ගැන හිතන, කාරුණික , යහපත් මිනිස්සුන්ට. ලංකාවේ සංස්කෘතියට අනුව අනුන් ගැන නොහිතා ආත්මාර්ථකාමිව ඉන්න කෙනාට කාගෙන්වත් හිංසාවක් දොසක් නැහැ.

හැමෝම අදහස් දෙන්නේ අර යහපත් කෙනාට විතරයි. ඉතින් තැලෙන යකඩේ දිනපතා තැලෙනවා. පාවිච්චි වෙනවා. පාවිච්චි වෙන එක නතර කරන දාට මුළු ලෝකෙම ඔවුන් ට එදිරි වෙනවා. හේතුව තමා මිනිසුන් පාවිච්චි වෙන්න හුරු කරගත්තම එක නොවෙද්දී දැඩි කෝපයට පත් වීමයි.

" ඉතින් මොනා කරන්නද පුතේ ? ඉවසන්න..ඉවසන්න..තව ඉවසන්න . මිනිස්සු තරහ කරගන්න එපා ... " ඕක තමා වැඩිහිටින්ගෙන් අපිට ලැබුණු ආකල්පය.

පවුලක වුනත් දෙමාපියෝ මේ කරන කෙනාව තමා පාන්නේ. ඔවුන්ට කරන කෙනාව පාවිච්චි වෙනවා කියල අබමල් රේණුවක දුකක් නැහැ.

" ඒ නංගිගේ හැටිනේ පුතේ. මගේ පුතානේ අපිට කරන්නේ " කියල ඔලුව අතගාල අර කැප කිරීමක් නොකරන ආත්මාර්ථකාමී හැමෝගෙම බර කාරිනික ළමයා ලවා අද්දවන්න දෙමාපියෝ වුනත් හරි ශුරයි.

දෙමාපියෝ එහෙමනම් අනික් අය ගැන කවර නම් කතාවක් ද?

අපි අපිව රැකගන්න ඕනේ - අපි අපිව ආරක්ෂා කරගන්න ඕනේ

තමන් තමන්ව රැක්කේ නැත්නම් වෙන කවුරුත් තමන් රකින්න එන්නේ නැහැ. අවශ්‍යය වෙලාවට " නැහැ, බැහැ " කියන්න ඉගෙන ගැනීමත් ස්වාස්ථ රන්රක්ෂණයේ කොටසක්.

Sort:  

ගොඩක් වටින කතාවක් මල්ලි. හිතට දැනුනා. ඒත් සමහර තැන් වල සමහර මිනිස්සු නිස අපි අසරණ වෙනවා.toxic උනත් අපිට ඉවත් කරන්න බැරි අය ඉන්නවා. ඒ වෙලාවට තමයි ප්‍රශ්නේ

ඔව් එහෙම අවුලක්නම් තියෙනව, ඒක ගොඩක් වෙලාවට වෙන්නෙ ලගම ඉන්න අය නිසා 🙂