LAW FOR LIFE - Introduction of law

in Steem Sri Lanka3 years ago

නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ.

නිතර දෙවේලේ ඇසෙන මේ වාක්‍ය ඛණ්ඩය ඔබට නුහුරු වචන කිහිපයක් නොවන බව මට විශ්වාසයි. නමුත් එය මහපොළොවේ යතාර්ථය නොවේ. සැබැවින්ම එදිනෙදා ජීවිතයේ කටයුතුවලට අවශ්‍ය නීතින් පිළිබඳ පවා අල්පමාත්‍රයක්වත් නොදන්නා අය කොතෙකුත් මගේ වවෘත්තිය ජීවිතයේ හමු වී තියෙනවා. මේ සම්බන්ධයෙන් මගේ දැනුම සමාජගත කරන එක මගේ එක අරමුණක්. ඒ කියන්නේ නීතිය පිළිබද මූලික දැනුම බෙදා හැරලා නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ කියන සිද්ධාන්තයට උපකාරයක් දෙන්න.

26218AB6-0F49-422E-AF5E-5FF4B7847AE9.jpeg
imagesource

මම මේ සමූහයට අලුත්. ඒ නිසා මුලින්ම මම ගැන හැඳින්වීමක් කරන්නම්. මම දැනට නීතිඥවරියක් වශයෙන් කටයුතු කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ නීතී පීඨයට මම 2016 වර්ෂයේ ඇතුළත් වෙනවා. පළමු වසර මුල්ම එසයින්මට් එක අපරාධ නීතිය. මුල්ම ඇගයීම සමාජෙට බැහැල කරුණු දත්ත එක්‍ රැස් කරන් හදන වාර්ථාවක්. අපට කරන්න තිබුණෙ දණ්ඩ නීති සංග්‍රහයෙ 363 වගන්තිය ගැන විග්‍රහයක්. ඒ කියන්නෙ ස්ත්‍රී දූශණය සම්බන්දයෙන්. මේ එසයින්මට් එක කරන්න ගත්තම තමයි නීතිය නොදැනීමෙ බරපතළකම තේරුම් ගියේ.

FB0531D1-FF0F-420B-9BCD-ADAB59BA5C35.jpeg

372B3ABB-46D5-47DE-88A3-C07D60F6C8AC.jpeg

ස්ත්‍රී දූෂණය නිසා ඉතා අඩු වයසින් විවාහ වෙන්න, ගබ්සා සිදු කරන්න , මනුෂ්‍ය ඝාතන, බරපතළ තුවාල සිදුකිරීම් වගේ අපරාධ රැසකට මෙය හේතුවක් වෙලා තිබුණා. වින්දිතයන් නීතිය නියමාකාරයෙන් නොදැනීම නිසා අපරාධකරුවන් නිදැල්ලේ ජීවත්වන සිදුවීම් පවා දකින්න ලැබුණා. විශේෂයෙන් ම වතුකරය වගේ දුෂ්කර පැතිවල මෙය ඉතාමත් බරපතල විදියට මම දැක්කා. මේ හේතුවෙන් නීතිය පිළිබඳ මගේ දැනුම විවිධ අංශ ඔස්සේ බෙදා හරින්න මම හිතුවා.

පහළින් දැක්වෙන්නේ පසුගිය වසර කිහිපයේ මෙරට අපරාධ සිදුවීම් ප්‍රතිශතාත්මකව ගත්තම.

53221AA6-27C9-4BAD-AA1A-E5103C7F0C38.jpeg
imagesource

දණ්ඩනයට ඇති බියත් නීතිය ගැන ඇති දැනුමත් වර්දනය කරනවා නම් මේ අපරාධ අවම කරගන්න පුලුවන් කියල මම ගොඩක් විශ්වාස කරනවා.

EE6686F2-3603-4D61-8A28-49061C741483.jpeg
imagesource

ලංකාව තුළ ක්‍රියාත්මක වන නීතිය රෝම - ලන්දේසි නීතියේ මෙන්ම ඉංග්‍රීසි නීතියෙත් මිශ්‍රණයක්. මේ සම්මිශ්‍රිත නීතියේ අපරාධ පමණක් නෙවෙයි සිවිල් අංශවල ද නීතිය දැන සිටීම ඉතාමත් වැදගත්. නඩු කටයුතු පවත්වාගෙන යෑමට මහේස්ත්‍රාත් අධිකරණය, දිසා අධිකරණය, මහාධිකරණය, අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය මෙන්ම කම්කරු විනිශ්චය සභා නමැති අධිකරණ ධූරාවලියක් ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී මේ අංශවලින් සෑම දෙනාටම වැදගත් එදිනෙදා ජීවිතයට අවශ්‍ය නීති පිළිබඳ දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

41BE568A-2838-4CCE-A710-600A6033B573.jpeg
imagesource

නීතිය දැන නොසිටීම ගැන කිසිවෙක්ටත් දෝෂාරෝපණය කළ නොහැකි බව මගේ මතයයි. මෑතක දී පාසල් පද්ධතියට නීතිය විෂයක් ලෙස හඳුන්වා දීමට ගෙන ආ යෝජනා ඉතාමත් සාදනීයයි. මගේ වගකීම ඉටු කරන්න මෙයත් අවස්තාවක් කරගන්න මම හිතුවා.
ඉදිරියේදී එදිනෙදා ජීවිතයට අවශ්‍ය නීතිමය කරුණු ගැන සවිස්තරාත්මක දැනුමක් ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා.

ස්තූතියි.

#steemsrilanka #law #life #knowledge #criminal #civil #steemexclusive

Sort:  

මිනිස්සු කියන්නේ නොයෙක් හැකියාවන් තියන පිරිසක්. පාලනයක් ඕනෙ වෙන්නේ ඒක නිසා. පාසලෙන් නීතිය උගන්නන එක ඉතාම සුදුසු වැඩක්. පොඩි කාලෙදිම වැරදි කරන්න බයක් ඇති කරන එක හොදයි. පස්සෙ අමාරුවෙ වැටෙනවට වඩා..👌

නීතිය ගැන දැනුවත් භාවය වැදගත්.

ඉදිරියේදී එදිනෙදා ජීවිතයට අවශ්‍ය නීතිමය කරුණු ගැන සවිස්තරාත්මක දැනුමක් ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා.

මේක ඉතාමත් වටිනා කාර්යයක් වේවි.

@thisarani96 ස්තූතියි. ❤️