බොහීමියානුවා

in Steem Sri Lanka3 months ago

මීට අවුරුදු කිහිපයකට කලින් ITN එකේ ටෙලි නාට්‍යයක් විකාශනය වුණා බොහීමියානුවා කියලා. මං හිතන්නෙ මේක ඒ කාලෙදිත් අදත් ගොඩක් අය අතර ආදරයට ලක්වෙන කතාවක්. ඒකෙ හේතුව විදියට මම දකින්නෙ ඒ ලස්සන පිටපත. නාමල් ජයසිංහ තමයි මේ පිටපත ලියන්නෙ. ඉතින් කාලෙකට කලින් බලලා තිබුණත් මම මේක ආයෙ බලනවා. ඒ බලන අතරෙම මේක ගැන ලියන්න ඕනෙ කියලා මම හිතුවා.

B1506F52-0402-430F-A390-58DA238A6A35.jpeg

"ජීවිතේ හරි පුදුමයි කල්ප.අපි මුලු ජීවිත කාලයටම ආදරේ කරන්නෙ එක මනුස්සයෙකුට. කෙනෙකුට නෙමෙයි. මනුස්සයෙකුට! මං ආස කරන මනුස්සකම් තියෙන ජීවිතේකට. පොතක් පතක් කියවන රසයක් තියෙන කොල්ලෙකුට. තමන් ගැන විතරක් නොහිත මේ රට, මිනිස්සු ගැන හිතන කොල්ලෙකුට. පොදුවේ සමාජයක් විදියට අපි මේ ගත කරන්න සිද්ධ වෙලා තියෙන ජීවිතයට වඩා හොඳ ජීවිතයක් අත්පත් කරගන්න පුලුවන් කියලා හිතෙන,එහෙම උත්සාහයක් තියෙන කොල්ලෙකුට.

මං ආදරේ කරල තියෙන්නෙ එහෙම කෙනෙකුට!"

මේක බොහිමියානුවා නාට්‍යයේ එන එක දෙබසක්. නූරි මේක කියන්නෙ කල්පට. මේ video clip එක ආයෙම share වෙනවා දැකලා තමයි මම ආයෙම බොහීමියානුවා බලන්න ඕනෙ කියලා හිතුවෙ.

නාට්‍ය ගැන හරිම impressive දේවල් ටිකක් මම ඔයාට කියන්නම්. මේ කතාවෙ theme එක සමාජ ආදරය. නූරි සහ කල්ප කියන්නෙ ඒ සමාජ ආදරය පෙන්වන්න යොදාගත්ත චරිත දෙකක්. ඒ හැරුණහම මේ කතාවෙ එක තැනක නගර සභාවෙ කුණු අදින මනුස්සයා මැරෙනවා. එතකොට කල්ප ඇතුලු එයාගෙ යාලුවො යනවා මළ ගෙදරට උදව් කරන්න. අන්න එතනදි එක යාලුවෙක් එයාල ළඟ තිබ්බ අන්තිම සල්ලි වලින් කොඩි වැල් ටිකක් අරගන්නවා. තව යාලුවෙක් ඒකට විරුද්ධ වෙනකොට තමයි බොනී අහන්නෙ "ඒ මනුස්සයා අවුරුදු ගාණක් අපේ කුණු ඇද්දා. එහෙම එකේ ඒ මනුස්සයගෙ මරණෙට කොඩියක් වත් දාන්න අපිට බැරි නම් වැඩක් තියෙනවද? කියලා.

මේ වගේ සමාජ ආදරය පෙන්වන තැන් ඕනෙ තරමක් මේ කතාව ඇතුළෙ තියෙනවා.
රැවුලක් වැව්වට චේ ගුවේරා වගේ
මත් වී හිටියට බොබ් මාලෙ වගේ
හිත් වල කෝ බං ආදරේ?

කියලා අහන්නෙත් මේ කතාවෙම තමයි!

Sort:  

ආසාවෙන් බලන්න ගත්තට මගදි මගහැරුන කතාවක් ආයිත් බලන්න ගන්න ඕන ❤️