කිරි අත්තගේ පෙන්සොන් එක

in Steem Sri Lanka3 years ago

Screenshot from 2021-10-31 09-38-59.png
Taken from BOC Abhimana

Cautious: Translations cause to change the real meaning of the poem


BOC ATM එකට යනව නම් මේ BOC අභිමාණි advertisement එක අමුතු දෙයක් නෙවෙයි. ඇහිල ඇහිල එපා වෙන තරමටම, කට පාඩම් වෙන තරමටම මේ advertisement එක ඔබත් අහල ඇති.

මේ කවිය මම ලිව්වෙ අවුරුද්දකට විතර කලින්. පළවෙනි නිරෝධායන lockdown එක ආපු කාලෙ. මගේ හිත දිව්වේ කිරි අත්තගේ පෙන්ෂන් එක පස්සෙ. කිරි අත්තලට පෙන්ෂන් එකක් ලැබුණාම මොනව කරනව ඇතිද?

මේ කවිය ටිකක් වෙනස් ආකාරයකට තමයි මම ලිව්වේ. මට කියාගන්න ඕන පණිවිඩය එලියට පහසුවෙන් දෙන්න ඕන නිසා කිරි අත්තගේ සහ මිනිපිරීගේ චරිත දෙකමටම එකම කවියක් තුලින් කතා කරන්න ඉඩ දුන්න.

මම මේ article එකට පාවිච්චි කරන සියලුම චායරුප BOC අභිමාණි advertisement එකෙන් බව සලකන්න.

Screenshot from 2021-10-31 09-55-57.png
Taken from BOC Abhimana

හැම ඉරිදම අම්ම එක්ක - ඇවිත් යන්නෙ සති අන්තේ
දුක සැප බලලා යන්නයි - අදර මගෙ කිරි අත්තේ..

සිනහව මුණේ තිබුණත් - අම්මගෙ සතුටක් නැත්තේ..
යන එන තුරු මග දිගටම - පෙන්සන් එක සිහි කරතේ..

නොතේරුණත් මා හට මෙහි - යම් කිසි රහසක් ඇත්තේ
අම්මාගේ අතෙත් මුදල් - ඒ හැටි නෑ කිරි ඇත්තේ..


කිරි අත්තාගේ කතාව

අත්තම්මා මියැදෙනකොට - අම්ම ඉගෙන ගත්තේ හතේ
ගිනිතිබ්බේ දර සෑයට - ඉද්දි උඹේ මාම අතේ...

එදා ඉඳන් උන් දෙන්නා - මහමෙර විය මගේ හිතේ
ආච්චි දෙව් දුවක් වෙලා - උන් පසුපස ඉන්න ඇතේ..

පොඩි මාමා වැඩට හොරයි - සෙල්ලමමයි තිබුණෙ හිතේ
ඉගැන්නුවේ තරවටු කර - හිරකරගෙන කඳුළු නෙතේ..

උගත මනා ශිල්පයමයි - මතු රැකෙනා දෙයක් නැතේ
කෑමෙන් බීමෙන් අඩු කර - උන් කැම්පස් යැව්වේ පුතේ...

උඹලැයි මහ ගේ හැදුවේ - එකතු කරලා සතෙන් සතේ
පොඩි මාමට ගේ දෙන්නයි - ඌ දැන් මේ රටෙත් නැතේ..

උඹේ අම්මා හිස් අතින්ම - එවන්න බැරි නිසා පුතේ
මාසෙ පඩියේ ලොකු පංගුව - දැම්මා අම්මාගේ පොතේ..

දරුවන් රැක්කා මිස මා - රැස්කළ කිසි පිනක් නැතේ..
ඒකයි නුඹේ අත්තම්මා - රෑ හීනෙන් ඇඳ මත්තේ..

හිස් අතින්ම යා නොහැකිය - මා පින් රැස් කර යුත්තේ
ඒක නිසයි පෙන්සොන් එක - පිනටම වෙන් කර ඇත්තේ..


පන්සල් වල පින් කම් වල - අත්තම්මගේ නම කියතේ
වේලක් ඇර වේලක් කා - කිරි අත්තා පින් පුරතේ...

අම්මා වියදම් ලිය ලිය - හැම ඉරිදම ඇවිත් යතේ...
කිරි අත්තගේ පෙන්සොන් එක - එහෙට දෙතේ මෙහෙට දෙතේ...

Screenshot from 2021-10-31 10-18-20.png
Taken from BOC Abhimana

බොහෝ දරුවන් වැඩිහිටියන් වූ පසුවත් දෙමවුපියන් ගෙන් මුදල් සහ සහයෝගය අපේක්ෂා කරනව. නමුත් තරුණ කාලය පුරාම දරුවන්ටම මුදල් වැය කරන ඔවුන්ගෙන් අපි තවදුරටත් මුල්‍යමය සහයෝගය අපේක්ෂා කිරීම ටිකක් නරක දෙයක් විදියටයි මම හිතන්නේ. මේ අපි ඔවුන් රැක බලාගන්න අවශ්‍ය කාලයි.

Sort:  

කවිය ලස්සණයි.සඳැස් කවි ලියන එක ලේසි නෑ.අන්තිමට ලියා ඇති වගන්ති ⁣වටිනවා. සමහර දෙමාපියන් පෙන්ෂන් එකත් දරුවන්ටම දීලා ජීවිතේ අන්තිම කාලෙ අසරණව ගෙවනවා.

Hi @randulakoralage,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Please consider to approve our witness 👇

Come and visit Italy Community

තරුණ කාලය පුරාම දරුවන්ටම මුදල් වැය කරන ඔවුන්ගෙන් අපි තවදුරටත් මුල්‍යමය සහයෝගය අපේක්ෂා කිරීම ටිකක් නරක දෙයක් විදියටයි මම හිතන්නේ

අනිවා.. මම නම් කැමති දැන් ඉඳලා මගේ වියදම් මම බලාගන්න.. ලොකු වියදම් ඉතින් ආංපාං කරගන්න අමාරුයි..

ow e kale matath ehemai. eth thibbe nane salli. dan nam puluwan

Steemit nisa mage wiyadam dan man karaganno. Podi kale edan demaupiyanta gen mudal balaporoththu nowi thamange wiyadam kara gaththama a purudu digatama thiyei.

eka aththa. ehema balaporoththuwath thiyaganna narakai minissu

දෙමව්පියන්ට බරක් නොවී මගේ වියදම් මමම cover කර ගන්න එක ගැන පොඩි සතුටක් දැනෙනවා 😇

matath ehemai.

හොද පද පෙලක්...

ලස්සන කවියක්...

 3 years ago (edited)

අම්මෝ ඒක.... සහතික ඇත්ත කතාව.. අම්ම දුන්න කිරි වලට තාත්ත හෙලපු දහඩිය වලට අපි කොච්චර ණයද... අපිට උපයන්න පුලුවන් ශාරීරික මානසික තත්වෙක ඉද්දි එහෙම මුදල් බලාපොරොත්තු වෙන එක හොඳ නෑ.. ඒත් අපේ අම්ම අදටත් මං ගෙදර ගිහින් එද්දි සල්ලි දෙන්න අහනව.

eyaalta nam api kochchara loku unath podi.. a awurudu ganak thisse purudu una nisa wenn athi

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community