ගුත්තිල කාව්‍ය...
ජනප්‍රවාදයේ පැවසෙන ආකාරයට ගුත්තිල කාව්‍ය ලියුව වෑත්තෑවේ හාමුදුරුවන්ට ඒ පොත නිසා රටින් පිටුවහල් වෙන්න සිදු වුනාලු.
වෑත්තෑවේ හාමුදුරුවන් කියන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ගෝලයෙක්.වෑත්තෑවේ හිමියන්න්ගේ උපන් ගම ගැනත් විවිධ අදහස් තියෙනවා.සමහරඅය කියනවා දකුණු පළාතේ තියෙන වෑත්තෑව යන ගම උන්වහන්සේගේ උපන්ගම කියලා.තවත් සමහරුන් කියනවා උතුරු පළාතේ තියෙන වෑත්තෑව නම්වන ගම උන්වහන්සේගේ උපන්ගම ගම බවත්.මාවත්ත නමින් හදුන්වන ගම සැබෑ උපන්ගම වන බවටත් තවත් විවිධ පිරිස් අදහස් මතු කරලා තියෙනවා.නමුත් බොහෝදෙනෙක් පිළිගන්නා මතය වන්නේ සත් කෝරළේ පහළ දොලොස් පත්තුවට අයත්වන දඹදෙනිය අසළ තියෙන වෑත්තෑව නම් ගම වෑත්තෑවේ හිමියන්ගේ උපන්ගම ලෙසටයි.මේ අදහසේ ඇත්තක් ඇති බවයි මගෙත් විශ්වාසය.එමෙන්ම උන්වහන්සේගේ ගිහිකාලයේ නම ගැනත් බොහෝ අදහස් පවතිනවා.ජනප්‍රවාදයේ සදහන්වන පරිදි උන්වහන්සේගේ ගිහි නම "දුග්ගන්නාවේ අප්පුහාමි"නම්වේ.
කෙසේ නමුත් තොටගමුවේ ශ්‍රී-රාහුල හිමියන් ළග පැවදිවෙන දුග්ගන්නාවේ අප්පුහාමි "වෑත්තෑවේ හාමුදුරුවෝ"ලෙස ප්‍රසිද්ධ වෙනවා.උන්වහන්සේ කවියට බොහෝම දක්ශයෙක්.
උන්වහන්සේ තොටගමුවේ ශ්‍රී-රාහුල හිමි සමග එකට වැඩවසන කාලයේ තොටගමුවේ හිමියන්ගේ කුටියට එහා කුටිය තමා වෑත්තෑවේ හිමිගේ කුටිය වී තිබෙන්නේ.ඒ නිසා රාහුල හිමි කී දේ වෑත්තෑවේ හිමිටත්,වෑත්තෑවේ හිමි කීදේ රාහුල හිමිටත් හොදින් ඇසුණා.
එක දවසක් පාන්දර වෙලාවක තොටගමුවේ හිමියන්ට තදබල දත් කැක්කුමක් හැදුනාලු.වේදනාව දරාගෙන පහුවදා එළිවන තෙක් රාහුල හිම්යන්ට බලාසිටීමට සිදු වුනාලු.පසු දින උදෑසනවන තෙක් බලා සිටියත් ඉක්මනින් හිරු නැගී එන්නේ නැති බවක් එතුමන්ට වැටහුනා.එමනිසා තමන්ගේ සයනයේ සැතපීගෙනම මේ විදියට කවියක් කියන්න ගත්තා.
චාරිය පදින රථ ඇණ ඉගිළුණෙන් දෝ
වාරිය පණිදු මග රැකවල් කෙළෙන් දෝ
මේරිය වට ම දෙවරක් කරකැවෙන් දෝ
සූරිය තව උදා නූනේ එයින් දෝ.
එහා කාමරයෙ සැතපිලා සිටි වෑත්තෑවේ හිමියන්ට මෙය ඇසී උන්වහන්සේ එයට කවියෙන්ම පිළිතුරු දුන්නා.
වාරිය පණිදු මග රැකවල් කළෙත් නැත
මේරිය වටම දෙවරක් කැරකුනෙත් නැත
සූරිය උදාවෙන්නට තව පැයක් ඇත.
කාලය ගත වෙත්ම රාහුල හාමුදුරුවෝ සහ වෑත්‍තෑවේ හිමි අතර යම් යම් අමනාපකම් ඇතිවුනා.පැවසෙන ආකාරය වෑත්තෑවේ හිමිගේ කවීත්වය රාහුල හිමි එතරම් ඉවසුවේ නැත.
රාහුල හාමුදුරුවන්ට අවශ්‍ය වුනා වෑත්තෑවේ හිමි පන්සලින් පන්නාගන්න,එයට උපක්‍රමයන් කල්පනා කර සිටියදී දවල් දානය වෙලාවේදී වෑත්තෑවේ හිමිගේ දවල් දානය තුන් පොලකට බෙදාදුන්නා.එයින් කිවුවේ "පල පල පල"කියායි.නමුත් වෑත්තෑවේ හිමි පන්සල හැරගියේ නැත.ටික දවසක් යත්ම 'සලවත ජයපාල'නම්වන ඇමතිවරයාගෙන් ජාතක කතාවක් කවියෙන් ලිවීමට ආරාධනයක් වෑත්තෑවේ හිමිට ලැබුනි.
එහිදී උන්වහන්සේ තෝරාගන්නේ ගුත්තිල ජාතකයයි.ගුත්තිලයේදී මූසිල ආචාර්යවරයාට එරෙහිවන බව හැමෝම දන්න කරුණක්.නමුත් ගුත්තිල කාව්‍යයේදී වෑත්තෑවේ හිමි ගුරුවාරයාට ව්රුද්ධ නොවෙන බව වක්‍රව පෙන්වනවා.
වෑත්තෑවේ හිමි එම කාව්‍ය රචනා කරපු බවක් එම පොතේ සදහන් වන්නේ නම් නෑ.කෙසේ හෝ රචනා කර අවසන් වූ ග්‍රන්ථය රාහුල හාමුදුරුවන්ට දැකගන්නට ලැබෙනවා.වෑත්තෑවේ හිමිගේ අරමුණ වුනේ ගුත්තිල කාව්‍ය ලියූ පසු රට හැර යාමය.ඉතින් එම අරමුණ ඉටු වෙනවා.
වෑත්තෑවේ හිමි ලංකාවෙන් ගොස් නැවත පැමිණෙන්නේ ගිහියෙක් ලෙසයි.පැමිණි පසු"වහල පට බැදි මුදියන්සේ"නමින් කොට්ටල්බද්දේ දිසාපති ධූරයෙන් පිදුම් ලබනවා.
මේ තමයි ගුත්තිල කාව්‍ය පිළිබද ජනප්‍රවාදයේ එන කතාව.
ස්තූතිය!
Niyamai malli.man me kathawa denagena idiye na.kiwanna asai.
Thank you..
ගොඩක් අලුත් දේවල් දැනගත්තා. හරි රසවත්ව ලියල!
Thank you..
අහල නැති විස්තරත් තියේ. සතුටක් ඒවා කියවන්නට ලැබීම.
Thank you