KAVA Staking Rewards ලබා ගන්නේ කෙසේද?

in #kava4 years ago

K1.png

මේ දින වලTezos (XTZ), Cosmos (ATOM), හා KAVA වැනි Proof of Stake (POS) tokens සඳහා විශාල අවධානයක් යොමු වී ඇත. කෙසේ වෙතත් ඔබගේ ක්‍රිප්ටෝ වත්කම් සඳහා පොළියක් උපයා ගැනීම සැමවිටම පහසු නැත.

මෙම අප දකින එක් ප්‍රවණතාවක් නම්, Coinbase, Binance, Huobi Global, සහ Kraken වැනි exchanges එය භාවිතා කරන්නන්ට staking පහසුකම ලබා දීමයි.

මෙම staking පහසුකම එම exchanges භාවිතා කරන්නන්ට වාසි වන අතර, මෙම මාර්ගෝපදේශය KAVA භාවිතා කරන්නන් සඳහා exchanges, wallets, සහ වෙනත් staking විසඳුම් අතර ඇති benefits(ලාභ) හා costs(වියදම්) ගැන පැහැදිලි කරයි.

Exchanges

KAVA ටෝකන් ලග ඇති අයට ලැබෙන වාසියක් වන්නේ ඔබේ ටෝකන KAVA staking සඳහා සහය දක්වන සේවාවක් තුළ තැන්පත්(stake) කිරීමයි. ඔබ සරලවම ඔබේ coins තැන්පත් කරීම මගින් ඔබට ප්‍රතිලාභ ලැබීම පටන් ගත හැක. මෙම සේවාවන් සදහා සම්පුර්ණයෙන්ම භාරකාරත්වය දරන්නේ exchanges වේ. එබැවින් ඔබ භාවිතා කරන සේවාවන් ගැන සැලකිලිමත් වීම වැදගත් වේ.

Benefits(ලාභ)
*අපේක්ෂිත ගෙවීම: Rewards වලින් 50–100%. මෙය exchange එකින් එකට පුළුල් ලෙස වෙනස් වේ.
*Pooled staking assets යනු ඔබට ඉක්මනින් ප්‍රතිලාභ ලබා ගත හැකි බවයි.

Costs(වියදම්)
*Exchange එක තබා ගන්නා staking rewards ප්‍රතිශතය සෑම විටම පැහැදිලිව සන්නිවේදනය නොකෙරේ.
*ඡන්ද අයිතිය අහිමි.
*Centralized(මධ්යගතයි): අවදානමක් ඇත.

Links
Binance.com
Huobi Pool
Bitmax.io
MXC.com

Wallets

KAVA හි ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තවත් විකල්පයක් වන්නේ delegate කිර්‍රිමයි. Delegating(පැවරීම) යනු ඔබ ඔබේ ටෝකන වලංගු කරන්නෙකු(validator) සමඟ බැඳ තබා එම rewards ලබා ගැනීමයි. Delegating(පැවරීම) Centralized(මධ්යගත) නොවන අතර එයින් අදහස් වන්නේ ඔබ coins පවරන ලද පමණින් වලංගු කරන්නෙකුට ඔබේ coins සොරකම් කළ නොහැකි බවයි. කෙසේ වෙතත්, පැවරීමේදීද දැනුවත් විය යුතු අවදානම් කිහිපයක් තිබේ.

පළමු අවදානම කප්පාදු කිරීම(slashing) ලෙස හැඳින්වේ, ඒවා වලංගු කිරීමේදී validator ගේ වැරදි හැසිරීම සඳහා වන දඩුවම වේ. මෙහි අකාර දෙකකි එනම් liveness(බොහෝ කාලයක් offline වී සිටීම) හා double signing(බ්ලොක්චේන් එකේ state එක පිළිබඳව සමපාත වීමයි) යන්නයි.

*Liveness වලට 0.05% ක දඩයක් ඇති අතර එය සාපේක්ෂව කුඩාය.
*Double signing කිරීමේදී 5.0% ක දඩයක් ඇති අතර එය සැලකිය යුතු තරම් විශාලය.

ඔබ ඔබේ ටෝකන වලංගු කරන්නෙකුට delegate කරන විට ඔබේ ටෝකන slashing විය හැක.

දෙවන අවදානම liquidity වේ. ඔබ ඔබේ ටෝකන delegate කරන විට, ඔබ ඒවා delegate කිර්‍රිමෙන් පසු අමතර දින 21 ක් ඒවා බන්ධිත තත්වයේ(locked) පවතී. එබැවින්, ඔබ ඔබේ ටෝකන delegate කර ඒවා සමඟ ගනුදෙනු කිරීමට අවශ්‍ය නම්, ඔබ කල්තියා සැලසුම් කළ යුතුය.

Benefits(ලාභ)
*අපේක්ෂිත ගෙවීම: Rewards වලින් 80–100%%.
*Wallets වල තබා තබා ඇති ප්‍රතිලාභ ප්‍රතිශතය කුමක්ද යන්න පැහැදිලි ය.
*අවදානම ඉතා අඩුයි.

Costs(වියදම්)
*ඔබගේ වත්කම් මත දින 21 ක් බැඳුම්කර ලෙස තබා ගන්න කාලය.

Links
Trust Wallet
Cosmostation Wallet
Frontier Wallet
Lunie
Math Wallet

Do it Yourself

ඔබට ඔබේම staking node එකක් ධාවනය කර KAVA ප්‍රතිලාභ කෙලින්ම ප්‍රොටෝකෝලය වෙතින්ම උපයා ගත හැකිය. KAVA හි Staking කිරීම සිදු කරනු ලබන්නේ වලංගු කරන්නන් විසින් වන අතර ඒවා බ්ලොක්චේන් වලංගු කරන අතර exchange තුල inflationary block rewards ලබා ගනී. ඕනෑම කෙනෙකුට වලංගු කිරීමේ node එකක් ධාවනය කළ හැකි නමුත් එයට තාක්ෂණික දැනුම අවශ්‍ය වේ. ඉහළම validators 100 දෙනා staking rewards ලැබීමට සුදුසුකම් ලබයි. සක්‍රීය වලංගු කරන්නන්ගේ ලැයිස්තුවක් Kava.mintscan.io/validators හරහා ඔබට බලා ගත හැක.

Benefits(ලාභ)
*අපේක්ෂිත ගෙවීම 100%%.
*ඔබගේ වත්කම් මත දින 21 ක බැඳුම්කර කාලය මගින් හිමිවන rewards

Costs(වියදම්)
*Validator එක ධාවනය කිරීම සඳහා hardware හා management වලට වියදම් දැරිය යුතු වේ.

Links
*Validating KAVA mainnet

මෙම මාර්ගෝපදේශය living document එකක් ලෙස අදහස් කෙරේ. wallet, exchange, validator එකතු කළ යුතු යැයි ඔබ සිතන්නේ නම් කරුණාකර [email protected] වෙත පිවිසෙන්න

Sort:  

Hi,

Your post has been voted on by the Ecosynthesizer curation team.

Thank you for your contribution to the Steem ecosystem.


If you would like to support us, please consider voting for our witness, setting us as a proxy,
joining our Discord server, and delegating to the project by using one of the following links:
500SP | 1000SP | 2000SP | 3000SP | 4000SP | 5000SP | 10000SP | 100000SP