සිහින මන්දාරම

in #love7 years ago

"සෙන්ට්‍රල් එක ලග බහින අය ඉස්සරහට එන්න..."

ඒ සද්දෙට මම් ආයිත් කවුලුවෙන් වටපිටාව හොදට බැලුවා.ඔක්කොම ඉස්සර වගේමයි,පාසල් වෑන් රථ පේළි ,අයිස් ක්‍රිම් කාපු කඩ ,තව ගොඩක් දෙවල්...බස් එකෙන් බැහලා මම ප්‍රධාන ගේට්‍ටුව ලගට සේන්දු වුනේ හුරුපුරුදු කවුරුත් ඉදිවිද බයේ.සිරිපාල අංකල්ට මාව අඳුරගන්න බැරි උනේ මොන හේතුවට උනත් මම ඒ ගැන සතු‍ටු වුණා.

"ඇයි ළමයෝ ?"
"අස්වීම් සහතිකය ගන්න"
"හොදයි මේ පොතේ අත්සන් කරලා යන්න"
උණූසුමේ සැරට අපි හෙවනට හිට්ය අරලිය ගස් පේළිය ,ක්‍රීඩා පිටිය වටේට තිබුණු විලෝ ගස් සමුහයත් වචනවලින් කියන්න බැරි දුකක් මට ගෙන්නේ මොකද මන්දා ,.. ඒ දවස් කොච්චර ලස්සන උනත් ඒවා ඔයටත් මටත් දුකක් උනේ මගේ වරද හින්දා වෙන්න ඇති.
සනුජි කොහේ ඉඳලා දුවන් ආවාද මම දන්නේ නෑ.ඒත් ගෙනාපු ආරංචිය නම් සතු‍ටුදායකයි.

"අද කෙමිස්ට්‍රි ටීචර් නෑ"..ක්ලාස් දෙකම හිස්.."
හයවෙනි කාලපරිච්චේදයෙන් පස්සේ ලැබෙන නිදහස ගැන හිත හිතා ඉදලා ‍ෆිසික්ස් ගණ්න් ටිකත් හරියට හදා ගන්න බැරි වුණා.උ/පෙල අපේ පංතියේ හිටියේ ලමයි විස්සක් වගේ.හිස් පීරියඩ් එකක් ආව ගමන් ඒ ගොඩක් අය ලයිබ්‍රියට හරි ලැබ් එකට හරි යන නිසා ගොඩක් දවස් වලට කසුන්ටයි මටයි කතා කරන්න ඒක හොද අවසථාවක් වුණා.

"අරුණි ඇයි ඊයෙ ඉකමනට ගියෙ.."
කසුන් එහෙම අහගෙන ඔනි තරම් මගේ ලගට අවිත් ඇති.ඒ නිසා මට ඒක හොදට මතකයි.

"අයියා එන්න ඉස්සෙලා වෑන් එකට යන්න එපැයි කසුන් "
ඒ මගේ සුපුරුදු පිළිතුර .
"ඒක මට හරි වදයක් අරුණි..ගෙදර ගියත් හිතට නිදසක් නැහැ "
"ම්..ම්.."
"මේ සතියෙවත් පංති යන වෙලවට මාව මුණගැහෙනවද ? "
"ම්..ම්..""ඇයි අරුණි මේ"
කසුන් එහෙම අහගෙන මගේ ඩෙස්ක් එක උඩ වාඩි වුණා.අපේ සම්බන්ධය නිසා කවුරුත් කසුන් දිහා අමුතුවෙන් පුදුම වෙලා බලන්නෙ නැති වග මම දැනන් හිටියා..

"ඇයි මේ.."
"අනේ එහා ඩෙස් එකට යන්නකෝ කසුන්...හොඳ නෑනෙ ඔහොම ඉන්න"

ගොඩක් දවසකට එයා නැගිටල දුකින් වගේ එලියටම යනව මට මතකයි .ඒ ඇස් පුරවගෙන ගිය දුක .ඒ ඔයාට දීපු හැම දේකටම මම අද විඳවනවා කසුන් ...සත්තයි... අම්මා,තාත්තා විතරක් නෙවේ අයියත් මාව හැදුවේ කොට්ට දෙකක් දෙපැත්තෙන් තියලා බෝනික්කා වගේ..එයාලට කොහොම උනත් මට නම් ඒ කලේ ඒක හරිම වදයක්ව් වුණා..ඒ ඒකාකාරී බවෙන් මිදෙන්න මිසක් හැගීමක් ඇතිව ඔයාට හා කීවේ නැති වග ඔයා දැනන් හිටියෙ නෑ කසුන්..
කතාව ඔය විදියට ගලන් යද්දි අයියට ආරංචි උන නිසා කසුන් කිහිප වතාවක් පාසල ඉදිරි පිටම ගුටි කෑවා.ඒත් කසුන් මම ගැන දශමයක් වත් අහිතක් හිතුවෙ නැති බව මට විශ්වසයි.මම උදේ එනකන් මාර ගස් යට බංකුවට වෙලා ගේට්‍ටුව දිහා බලන් හිටපු නැති දවසක් ඒ අවුරුදු දෙක ඇතුලේ තිබුනේ නැති තරම්..

ආදරේ කියන වචනවල තේරුම තියා ඒ වචනයවත් හරියට නොදැන හිටිය මම ඔයාට මේක නතර කරමු කිව්වෙ අපිට ඇඩ්මිෂන් දෙන දවසේ කියලත් මට හොදට මතකයි.අපි පාසලට සමු දුන්නේ ඒ ව්දියට උනත් ඔයා මට එහෙම සමු දුන්නේ නැති වග මට තේරුනේ පංති ඉවර වෙලා එන හැමදාම ඔයා තංගල්ලේ ටවුන් එකට වෙලා ඔයා ඉන්න හැටි දැක්කාම.විභාගයට මාසයක් දෙකක් තියලා ඔයා පිස්සෙක් වගේ දැගලුව කියලා මගේ යලුවො මට කියද්දී මම කිසිම හැගීමක් දැනීමක් නැතිව හිටියෙ මොන හිතකින්ද කියලා මට අද තේරෙන්නේ නැත්තේ දැන් ඔයා නැති අඩුව දැනෙන හින්දා වෙන්න ඇති.
ඔයා ගැන මගේ පපුව කඩන් හැලෙන්න ගත්තේ දවසක් උදේ පාන්දරම සනුජි දුන්න දුරකතන ඇමතුමෙන්.

"කසුන් වහ බීලා..අමාරු වෙලා මාතරට ගෙනිහින් ..එහෙදි නැති වෙලා ..අද උබ පංති යන්න එපා .කොල්ලෝ කරදර කරවි.."
මුළු තංගල්ලෙම කොඩි ඇදලා,කවි කොළ ගහලා ඔයාව මේ ලොකෙන් දුර යැවුවා කීයලා මට ආරංචි උනා.මම අඬුවා කසුන්..සත්තයි..මම අඬුවා.ඔයා අන්තිමට කීව ඒ ඇත්ත මාව තාම අඬවනවා..

ලියපු ඔක්කොම ඉවරයි
මං මරුණ දාට
මතක තියා ගන්න
මගේ හදවත ගොලු වේවි
එත්
එදා ඉඳන්
ඔයගෙ හදවත ඒක පටන් ගනිවී .

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

                                                                         ***බුදු සරණයි***

💛 Lovely Heart