අරමුණක් උදෙසා යන ඔයාට

image.png
කොහොමද ඔයාල හැමෝටම ?
අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ අරමුණට යන්න ඕනි කරුණු 4ක් ගැන
මේ බව දේශනා කරලා තියෙන්නේ ලෝකේ විශිෂ්ටතම විදಖඥයා.
ඉතින් අපි දැනගමු ඒ කරුණු මොනවද කියලා
පලවෙනි එක තමයි කැමැත්ත .
ඔයාට දැවෙන ආශාවක් තියෙන්න ඕනි කරන දේ වෙනුවෙන් ,මෙහෙම දෙවෙන ආශාවක් තියෙන කෙනෙක්ට අමුතුවෙන් motivate කරන්න ඕනි නෑ .
එක ඔයාගේ හිත පතුලෙන්ම එන එකක් මේ හැගිම පොඩ්ඩක්වත් ඔයාව ඔයාගේ අරමුණින් පිට හිතන්න දෙන්නෙම නෑ .ඔයාට මෙහෙම හැගීමක් නැත්නම් ඒ එහෙනම් ඔයාට දැවෙන අරමුණක් නෑ .එකට ඔයා කරන්න ඕනි ඇයි මං මේ අරමුණට යා යුත්තේ කියන එක නිතර කල්පනා කරන එක ,ඒ වගේම ඔයා ඒ අරමුණට නොගියොත් ඔයාට වෙන අවාසි තත්වයන් හිතන්න ඕනි.
දෙවැනි කරුණ තමයි දැඩි අධිෂ්ටානය
මේක පටන්ගත්ත තරම් ලේසි නෑ එක අරමුණක ඉන්නව කියන එක ඒකට ඔයා කරන්න ඕනි ඔයාගේ අරමුණට බාධාවන හැගීම් හදුනා ගන්න එක ,ඒවගෙන ඉවත් වෙන එක, උදාහරයක් විදිහට කිව්ව්වොත් කම්මැලිකම ඔයා දන්නවා බාධාවක් කියලා ,ඔයාගේ මනස ශක්තිමත් කරගන්න, පටන්ගත්ත වැඩේ ඉවර වෙනකන් කරන්න.
3 වෙනි දේ තමයි වීර්ය
මං මේක කරනවා කියන අධිෂ්ටනය තිබ්බට මදි ඔයා ඒකට අවශ්‍ය උත්සාහය සහ අරමුණ කරා ළගා වෙන වැඩ පිළිවෙලේ නියැලෙන්නේ නැත්නම්.ඔයාගේ අරමුණෙ මං සලකුණු ලකුණු කරගෙන ඒවා ලගකරාගැනීම උදෙසා වැඩ කරන්න.
අන්තිම කරුණ තමයි විමර්ශන නුවණ
ඔයා දන්නවා ඔයාගේ මේ ජිවිත ගමනේ යනකොට නොයෙකුත් බාධා කරදර එනවා තීරණ ගතයුතු තැන් එනවා කපටි මිනිසුන් හමුවෙනවා මේවගේ අවස්ථාවලදී ඔය හැගීම් වලට වහල් නොවී නුවණින් තීරණ ගත යුතුවෙනවා.
මේ කාරණා 4 දේශනා කලේ බුදුරජාණන් වහන්සේ ..
මෙහෙම කරන කෙනෙකුට තමාගේ අරමුණ කරා ලගා වෙන එක අහම්බයක් නෙමෙයි. මතක තියාගන්න වපුරන තරමට තමයි අස්වෙන්න ලැබෙන්නේ.
අදට ගිහින් එන්නම් .
මං ,
කෞෂි වෙනදා වගේම ආදරෙන්