අඬන්න හිතුනම අඬන්න

in #srilanka7 months ago (edited)

crining__by_dopeinglezez_dc18v89-fullview.jpg
source
ඉතිං කොහෙමද යාළුවනෙ, හොදින් ඉන්නව නේද,😊 මට අද කතා කරන්න හිතුන අපි හැමෝම ගොඩක් ම කරන දෙයක් ගැන. හැමෝම කිව්වට ඉතිං විශේෂයෙන්ම ගැහුණු ළමයි තමයි ඉතිං. මොකද්ද කියල නේද හිතන්නෙ. මම මේ කතා කරන්නෙ අඩන එක ගැන. අපිට දුකක් දැනුනම, ප්‍රශ්නයක් ආවම සාමාන්‍යයෙන් අපි කරන්නෙ අඩන එක. කට්ටයට පේන්න ඇඩුවෙ නැතත් අපි හොරෙන් හරි අඩනවා. පිරිමි ළමයි නන් ඉතිං අඩනව අඩුයිනෙ. සමහර විට අපි නොදැක්කත් ඒ අයත් හොරෙන් හරි අඩනව ඇති දරා ගන්න අමාරැම තැන් වලදි.

ඉතිං මේ අඬන එක වැරදිද? එහෙම නැත්තං අපේ පෞරුෂත්වයට ඒක ගැලපෙන්නෙ නැද්ද? මේ ළඟදි මම දැක්ක ඒ ගැන පළවුණු ලිපියක් සමාජ මාධ්‍ය ජාලාවක පල වෙලා තියෙනවා. ඉතිං මම හිතුව ඒක ඔයාලත් එක්කත් බෙදා ගත්ත නම් හොඳයි කියල.

දැන් මාසයකට විතර කලිං , මම ඉස්කෝලේ මැද ප්‍රසිද්ධියේ ඇඬුවා.

මට නිකමටවත් හිතුනේ නෑ මම ඉස්කෝලේ උගන්නන ටීචර් කෙනෙක් කියලා.

තරහක් පිටකරගන්න බැරිව , දුකිං හිටපු මගේ ඇස් වලින් නොදැනීම කඳුළු කඩාගන වැටුනා.

ඉතිං මම කඳුළු වලට ගලාගන යන්න ඉඩ දුන්නා.

මම දන්නවා ඉස්කෝලේ ළමයි වගේම ගුරුවරු , දෙමාපියොත් මගේ දිහා බලාගන හිටියා.

ඒත් මට ලැජ්ජාවක් හිතුනේ නෑ.

මම කඳුළු වලට කඩා වැටෙන්න ඉඩ දුන්නා.

සමහර දවස්වලට මගේ පුංචී පුතාගේ දඟ වැඩ වලට තරවටු කරන මම , ඒ ගමන්ම වගේ අඬනවා.

" මං ඔයාට ආදරෙයි "

අඬන ගමන් එහෙම කියලා මම එයාව බඳා ගන්නවා.

එතකොට අපි දෙන්නාගෙම ඇස් වලින් කඳුළු ගලාගන යනවා.
අපි දෙන්නම කඳුළු ගලාගන යන්න ඉඩ දිලා තදට බඳාගන ඉන්නවා.

" ආයේ මම එහෙම කරන්නේ නෑ අම්මා... සොරී "

කඳුළු ගලාගන ගියාට පස්සේ පොඩ්ඩා එහෙම කියද්දී අපි දෙන්නටම අපේ වරදකාරී හැඟීම නැතිවෙලා යනවා.

දවසක් ඉස්කෝලේ ගැහැනු දරුවෙක් එයාගේ පෙම්වතාගේ ප්‍රශ්ණයකට වීදුරු කටුවකින් අත කපාගන තිබුණා .

මුලික ප්‍රතිකාර කරනකං එතනදීත් මම එයාට කිව්වේ අඬන්න ඕනීනම් අඬන්න කියලා.

මට හිතුනා එයා ඒ කරගත්ත හිතුවක්කාර වැඩේ නිසා දැන් පසුතැවිලි වෙන එක එයාගේ හිතෙන් පිට වෙන්න ඕනී කියලා.

සමහර දවස් වලට මම මගේ යාළුවාට කෙටි පණිවිඩයක් තියනවා.

" මට අඬන්න ඕනී "

එසැනින් මට දුරකථන ඇමතුමක් එනවා.
ඉන් පස්සේ මම මගේ හිත බරවෙලා තිබුනු හැමදේම කියලා ඇස් වලින් කඳුළු ගලාගන යන්න ඉඩ දෙනවා.

අඬනවා කියන්නෙම මානසික නිදහස ලබා දෙන වැඩක්.

හිත බරවෙලා අපිට කරගන්න දෙයක් නැතිව ඉද්දී අපි ඒ හැඟීම් පිට කරන්න අඬන්න ඕනී.

ගැහැණු , පිරිමී , ලොකු , කුඩා බේදයක් නැතිව අපේ ඇස්වලින් කඳුළු ගලාගන යනවා.
ඉතිං ලැජ්ජාව පැත්තකිං තියලා අඬන්න.
අඬලා හිත නිදහස්කර ගන්න.

මොකද ගොඩාක් පීඩනයෙන් බර වෙලා ඉද්දී වලාකුළුත් වැස්ස විදිහට කඳුළු හලනවා.

වෙලාවකට ඇඬීමක් විදිහට කඳුළු පිට කරන එක බෙහෙතක්.

මතකතියා ගන්න කදුළු කියන්නේ හදවතට බරක් වෙච්ච ඒත් කියාගන්න බැරි වචන .

ඉතිං ඒ වචන පිට කරන්න අවසර ගන්න, ලැජ්ජා වෙන්න , බය වෙන්න , සුදුසු ස්ථාන අවශ්‍යම නෑ.

-හසිකා විජේතුංග -

ඉතිං ඔයාලත් අඩන්නමඕන වෙලාවක අඬන්න ලැජ්ජ වෙන්න එපා. සමහර වෙලාවට අඩන එක අපිට ලොකු සහනයක් වෙනවා.