ලෝකයේ ශාපලත් දේවල්

in #srilankalast year (edited)

The-Mummy-of-the-Titanic.jpg
source
ඉතිං කොහොමද කට්ටියටම, සනීපෙන් ඇති කියල හිතනවා. වෙනද වගේම කාර්යබහුල ඒකාකකාරී ජිවතෙත් එක්ක ඉන්න ගමන් අදත් ලියන්න හිතුවා.
මේ ටිකේම ලෝකෙම ප්‍රධාන මාතෘකාව වුනේ අතුරුහදන් වුණ සබ්මැරීන් එකනෙ. මේ ගැන ඉතිං ලෝකෙ වගෙම අපෙ රටෙත් එක එක කතා අහන්න ලැබුණා. ඒ කතා අතර දකින්න
ලැබුණු සමහර කතා හරිම විහිලු සහගත ඒවා කියල සමාජ මාධ්‍ය භාව්තා කර කොට ඔයාලත් දකින්න ඇති.

දැන් මම ඔයාලත් එක්ක share කර ගන්න හදන්නෙ මම මුහුණු පොතෙන් කියපු අපූරු post එකක් ගැන. මේකෙ තියෙන්නෙ ලෝකෙ තිබුණ ශාපලත් දේවල් ගැන. ඒක ඇත්තක්ද කියන්න මම දන්නෙ නෑ. ඒත් එහෙම දෙයක් මට දැන ගන්න ලැබුණු පළවෙනි වෙලාව නිසා මම ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුව . මේක ලියල තියෙන්නෙ සඳනි මලීෂා කියල කෙනෙක්. ඉතිං ඔයාලත් කියවල බලන්න මෙහෙම ⁣දේවල් ලොකෙ තියෙනවද කියල

තවමත් අවසන් නොවුණ ටයිටැනික් නැවේ ශාපය!

මට කියවන්නට ලැබුණ 2010 මුතුහර සඟරාවක ශාපලත් දේවල් ගැන තිබූ ලිපියක ටයිටැනික් නෞකාව ගැනද සඳහන් විය. ටයිටැනික් නැව නැරඹීමට ගැඹුරු මුහුදේ ගොස් අතුරුදහන් වූ සබ්මැරීනය ගැන දැනටමත් ඔබ දන්නවා ඇතැයි සිතමි. ඒ පිලිබඳවද සිහියේ තබාගෙන ලිපියේ සඳහන් කරුණු කිහිපයක් දැනගමු.

රුඩොල්ෆ් වැලන්ටිනෝ නම් සුප්‍රසිද්ධ බටහිර නළුවෙක් දිනක් පරණ ආභරණ වෙලෙන්දෙක්ගෙන් වටිනා මැණික් මුද්දක් මිලදී ගත්තේය. එම මුද්ද හිමි වන තැනැත්තා හට අවාසානාව රැගෙන එන බවට මතයක් ඇති බව වෙලෙන්දා කීවත් ඔහු එය මිල දී ගත්තේය. ඔහුගේ මීලග The young rajah චිත්‍රපටියට මෙය පැලඳගෙන සිටි අතර බලාපොරොත්තු වූ පරිදි ආදායම් හෝ ජනප්‍රිය බව ලබන්නට නොහැකි විය. විශාල පාඩුවක්ද විය.

ඉන් පසු මුද්ද නොපැලඳ කාලයක් සිටි වැලන්ටිනෝ පසුව යලි ශාපය අමතක කරල මුදුව පැලඳ අනතුරුව කෙටි කාලයකින් මියගියේය. ඉන් පසු මෙය අයිති වූයේ වැලන්ටිනෝගේ හිතවතියකටයි. ඇයද නොබෝ කලකින් රෝගී වූවාය. ඇය එම මුද්ද රස්කලම්බෝ නම් චිත්‍ර ශිල්පියෙකුට දුන් අතර ඔහු රිය අනතුරකින් මිය ගියේය. එතැනදී මුද්ද සොරෙකු ගත් අතර මෙය දුටු පොලිස් නිලධාරියෙකුගේ වෙඩි පහරින් ඔහුද මිය ගියේය.

ඉන් පසු මුද්ද ලබා ගන්නට කිසිවෙක් අකමැති වූ අතර එය බැංකුවක තැන්පත් කර තිබියදී එම බැංකුව දෙවරක්ම මංකොල්ලකෑමට ලක් විය. ඒ අවස්ථාවලදී බොහෝ පිරිසක් මිය ගියහ. දැන් මුද්ද අස්ථාන ගත වී ඇත.

ලොව වටිනාම ප්‍රකට දියමන්තිය වන හෝප් දියමන්තියද අයිතිකරුවාට සැමවිට අවාසනාව ගෙන එන ලදී. ප්‍රංශයේ 14 වෙනි ලුවී රජු ජින් බැප්ටිස්ට් නම් ස්වර්ණාභරණ වෙලෙන්දෙකුට ඉන්දියාවට ගොස් හැකි තරම් මහරාජාවරුන්ගෙන් මුතු මැණික් දියමන්ති මිලදී ගෙන එන ලෙස අණ කරන ලදී. එලෙස ගෙනා දෑ අතර විශාල දියමන්ති 45ක්ද කුඩා දියමන්ති 1122ක්ද හෝප් දියමන්තිය ද විය. එහි බර කැරට් 112.5ක් විය.

ඉන් පසු ලුවී රජුගේ අවාසානාව ආරම්භ විය. ඔහුගේ ප්‍රියතම මුණුබුරා වූ ඔක්.ඩී.බොර්ගොග්නෙ හදිසියේ මියගියේය. ස්වර්ණාභරණ වෙලෙන්දා රුසියාවේදී වල් බල්ලන් සපා කෑමෙන් මිය ගියේය. ඉන් පසු මෙතෙක් ජය සටහන් තැබූ ලුවී රජු සටන් පරාජය වන්නට විය.

16 වන ලුවී රජුට දියමන්තිය ලැබූ පසු ප්‍රංශ විප්ලවය ආරම්භ විය. ඔහු හා ඔහුගේ බිසවගේ හිස් ගිලට්නයෙන් වෙන් කරන ලදී. 1792 රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකෑමෙන් පසු දියමන්තිය අස්තාන ගත විය. නැවතත් චිත්‍රයකින් දකින්නට ලැබුනේ ස්පාඥ්ඥයේ මාරියා රැජින එය පැලඳ ගෙන සිටි බවයි. මේ ආකාරයෙන් පසුවත් බොහෝ දෙනෙක්ට මෙම දියමන්තිය අවාසනාව ගෙන එන ලදී.

ටයිටැනික් නැවේ අවාසනාව ගෙනා මමිය

පැරණි ඉතිහාසගත වස්තූන් වන්නේ පිරමීඩයි. මේවායේ පැරණි සිරුරු මමී ලෙස තැන්පත් කර ඇත. සමහර ධනවතුන් මෙම මමී මිල දී ගෙන ඇත. එක්තරා මමියක් අරාබි ජාතිකයෙක් විසින් මිලට ගෙන නිවසට ගොස් තැබූ පසු ඔහුගේ ව්‍යාපාරය අඩාල වන්නට් විය. මේ නිසා ඔහු එම මමිය ඉංග්‍රිසි තරුණයින් තිදෙනෙකුට සුළු මුදලකට විකුණා දැම්මේය. අඩුවට ගත් නිසා සන්තෝසයෙන් සිටි මෙම තරුණයින් එය ඔවුහු ගමන් කල නවුකාවේ එක් අයෙකුගේ කාමරයක තැන්පත් කලහ. එම කාමරය දෙසින් පසුව ඇසුන වෙඩි හඩක් නිසා ගොස් බැලූ විට ඔහුගේ අතට වෙඩි වැදී තිබිණි. ඔහුගේ අත කපා දැමූ අතර වෙඩි වැදුනු ආකාරය සොයා ගන්නට නොහැකි විය.

පසුව වෙනකෙකුගේ කාමරයකට මමිය ගෙන ගොස් ඇති අතර පසුව එම කාමරයේ තරුණයා අතුරුදහන් විය. ඔහු මුහුදට පනින්නට ඇතැයි සිතන්නට වූහ. අවසානයේ තුන්වැන්නා සිය කාමරයට මමිය ගෙන ගියේය. ඔහු කයිරෝ නුවරට පැමිණ මමියද ගෙන ගොස් හෝටලයට යන අතර ලැබුණ විදුලි පණිවිඩයකින් සැල වුනේ මෙතෙක් ඔහු මුදල් තැන්පත් කල බැංකුව වසා දැමූ නිසා ඔහුට විශාල පාඩුවක් වී ඇති බවයි. ඉන් පසු ඔහු ශාපය විශ්වාස කර එය විකුණා දැමුවේය.

මදුරාසියේ පරම විඥානාර්ථ සංගමයේ ප්‍රධාන දායිකාව වූ බ්ලැවැට්ස්කි මැතිනිය එංගලන්තයේ ගැමි නිවසක නැවතී සිටින කාලයක නිවසේ යම් යම් අසුභ ලක්ෂණ දැක ඒ ගැන සොයා බැලුවාය. එහිදී ගෙහිමියා විනෝදයට මමිය මිලට ගෙන තබාගෙන ඇති බව දැන එය වහාම කෞතුකාගාරයට භාර දෙන ලෙස ඉල්ලා සිටියාය. මෙම මමිය කෞතුකාගාර සේවකයන් දෙදෙනෙකු ඇතුලට ගෙන යන අතර හේතුවක් නැතුව දෙදෙනා ඇද වැටී එක් අයෙක් සදාකාලික ගොළුවෙක් විය. අනෙකා පසු දිනම මිය ගියේය.

මේ දැනගත් කෞතුකාගාර බලධාරියා මමිය ඇතුළු මමී පහක ඡායාරූප ගන්වන්නට සැලසුවේය. අනතුරුව බියෙන් හා කලබලයෙන් පැමිණි ඡායාරූප ශිල්පියා පැවසුවේ ඡායාරූ පිරිසිදු කර බලන විට පෙර කී මමියේ පණ ඇති මිනිස් රුවක් දිස් වූ බවයි. ඉන් පසුව ඡායාරූප ශිල්පියා හිතේ අසහනයෙන් වෙඩි තබාගෙන මිය ගොස් තිබුණි.

මේ නිසා බිය වූ කෞතුකාගාර ප්‍රධානියාද මමිය ඇමරිකානු විනෝදකාමී ව්‍යාපාරිකයෙකුට විකුණුවේය. අඩු මුදලකට මමිය ලබා ගැනීමට හැකි වීම ගැන සතුටු වූ ඔහු එයද ගෙන නැව් නැගී එංගලන්තයේ සිට මව් රටට පිටත් විය. ඒ නෞව්කාව හිම කන්දක ගැටී ගිලී ගිය ටයිටැනික් නෞකාවයි.

සඳනි මලීෂා