පොත් හා අපි දුරස් වෙලාද?
මේ අවුරුද්දත් හරිම ඉක්මනින් ගෙවිලා ගියා . කොහොමහරි අවුරුද්දේ නවවෙනි මාසෙත් ඒ කියන්නේ සැප්තැම්බර් මාසෙත් ඉවර වෙන්න ලඟයි . සැප්තැම්බර් කිව්වම හැමෝටම මතක් වෙන්නේ සාහිත්‍ය මාසය. ඉස්සර නම් සැප්තැම්බර් කිව්වම අනිවාර්යෙන්ම පොත් ප්‍රදර්ශන වල අඩුවක් වෙන්නෙ නෑ . ඒත් මේ කොරෝනාවක් නිසා හැමදේම කනපිට හැරිලා .
මම පාසල් කාලේ ගද්‍ය රචනා පද්‍ය රචනා වලට ලොකු ඇලුම් කමක් දැක්වූවා.සිංහල සාහිත්‍යය උළෙලේ තරගවලට මමයි රන්දුලායි අනිවාර්යෙන්ම ඉදිරිපත් වෙනවා. හැබැයි 10 වසරේදී 11 වසරේදී වගේ මම කෙටි කතා ලියන්නත් පුරුදු වුණා. ඒ ශෛලිය මම ඉගෙන ගත්තේ තාත්තාගෙන්.
ඒ විදියට ලියපු එක කෙටිකතාවක් 2012 වර්ෂයේදී ගාල්ල දිස්ත්‍රික් පාසල් කෙටිකතා තරගාවලියේදී පලවෙනි තැන දිනා ගත්තා.ඒ වෙනුවෙන් පැවැත්වුනු සාහිත්‍ය උත්සවයට මම සහභාගි වුණේ අම්මත් එක්ක .ඒක පැවැත්වුණේ ගාල්ල නගර සභා ශාලාවේ . මට මතක විදියට රත්න ශ්‍රී විජේසිංහ , සරත් විජේසූරිය වගේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් රැසක් සහභාගි වුණා .ඒ අවුරුදු නවයකට කලින්.
ඒ ජයග්‍රහණය වෙනුවෙන් මට පොත් රැසක් ලැබුණා . ඒ හැම එකක්ම වගේ සාහිත්‍යයේ ගැඹුරටම අධ්‍යනය කරපු ප්‍රවීනයන් ලියන ලද පොත්. ඒ අතරින් මම ගොඩක්ම කැමැති වුණේ කාව්‍ය සංග්‍රහ වලට. ඒ ලැබුණු පොත් කීපයෙන් සමහර පොත් නම් මට අදටත් කියවන්න ලැබුනෙ නෑ. හැබැයි ඒ පොත් ටික ලැබුණු ගමන්ම එක පිටුවක් නෑර කිව්වෙ මගේ තාත්තා .
ලැබුණු කවි පොත් ටික නම් මම කීප වතාවක්ම කියෙව්වා. අද කාලේ අපි ලියන සමහර කවිත් එක්ක සංසන්දනය කලාම ඒ කවි වල කොයි තරම් ගැඹුරක් තියනවද කියලා මට හිතුණා . ඇත්තටම සමහර කවි කියෙව්වට තේරුම් ගන්න හරි අමාරුයි . අපි කවිය කියවන කොට අපිට හිතන තේරුම නෙවෙයි කවිය ගැඹුරට ගියාම තියෙන්නෙ .
ඒ කවි කීප වතාවක්ම කියෙව්වත් සමහර කවිවල තේරුම ඔබට විග්‍රහ කරන්න තරම් මම දක්ෂ නැහැ. ඉස්සර නම් සමහර කවිවල තේරුම තාත්තා මට කියලා දුන්නා. ඒත් දැන් ගොඩක් ඒවා මතක නෑ. මේ කවි, සාහිත්‍ය විචාර කියවනකොට මට මතක් වෙන්නේ 10 , 11 වසරෙදි සිංහල සාහිත්‍ය පාඩම් ඉගෙන ගත්ත විදිය .
මේ පොත් ටික අතට ගත්තම මට ලොකු දුකක් දැනුනා. අපිට ඉස්සර පොත්පත් කියවන්න කොච්චර නම් වෙලාව තිබුණද. ඒත් දැන් අපිට ලැබෙන සුළු වෙලාවත් අපි ගත කරන්නෙ එක්කො දුරකථනයේ නැත්නම් පරිගණකයේ . ඉස්සර ඉස්කෝලේ යන කාලේ සතියට එක ගානේ විජය පත්තර , සිසු ජය පත්තර කොච්චර නම් කියවන්න ඇතිද. ඒ දැන් ආසාවකට වත් පත්තරයක් කියවන්න ලැබෙන්නෙ නෑ. මේ covid නිසා දැන් පත්තර මුද්‍රණය කරන එකත් බොහෝ දුරට නැවතිලා තියෙන්නේ. හැමදේම ඩිජිටල්කරණය වෙලා නිසා මට හිතෙනවා තව ටික කාලයක් යනකොට අපිට භෞතික පත්තර නම් හොයා ගන්නවත් නැති වෙයි කියලා.
කාලෙකට පස්සේ මේ පොත් ටික අත ගානකොට මට හිතුනා ආයෙමත් අතීතයට යන්න තිබුන නම් මේ පොත් පත් එක්ක හරි ලස්සනට ජීවත්වෙන්න තිබුන නේද කියල . මේ පොත් ටික විතරක් නෙවෙයි තාත්ත එකතු කරපු ලස්සන පොත් පත් රැසක් අපේ ගෙදර තියෙනවා. ඉතින් මම ආයෙමත් අනිත් හැම වැඩක්ම අතරේ මේ පොත් ටික කියවන්න පටන් ගත්තා. එක පොතක් කියවන්න පටන් ගන්න කොට මට හිතුණේ එකම එක දෙයයි. ඒ ඇත්තටම අපි ජීවත් වෙනවා නේද කියලා.
poth nam apen tikak duras wela thamai. podi kale poth ekka thibba badiima dan tikk adui.
ඒ කාලේ පුලුවන් තරම් පොත් හොය හොය කියෙව්වා. යලුවොඞෙ පොත් ඉල්ලගෙන කියෙව්වා. දැන් අපි ටිකක් දුරස් වෙලා වගේ තමයි.
ඒක ඇත්ත. පොතක් කියවල චිත්ත රූප මවාගෙන ඒ පොතේ ජීවත් වෙනකොට දැනෙන හැඟීම් දුරකතන තිරයකට පරිඝණක තිරයකට කොටු වෙලා කවදාවත් ගන්න බෑ..
Math podi kaale puduma widht poth kiyewwa.Pusthkalet badila dwsk ar dwsk ghn aluthin poth arn awa. Kavi poth gana kiynw nn mn Mahagama sekara maththyage prabudda kiywl bohom tikak thherum gththa. dn e wage dewl hoygnnt amrui
පොතක් පත්තරයක් අතට ගත්තම එන ගතිය, ඔන්ලියින් කියවද්දී එන්නේ නෑ
අකමැත්තෙන් වුණත් කියන්න ඕන. අපියි පොතුයි ටිකක් දුරස් වෙලා. මං ගොඩක් කියෙව්වෙ පුස්තකාලෙන් පොත් අරං. දැන් ඉතින් මොන පුස්තකාලද. කියවන්න දේකුත් නෑ.
ඉස්සර phone, lap නැති කාලෙ මමත් පොත් පත් සඟරා කියෙව්වා. දැන් එහෙම නෑ. 🥺 ඒත් ඒ පුරුද්ද ආයෙමත් ඇති කරගන්න තියනවා නම් හොඳයි.
ඔව් ඒක ඇත්ත .කොවිඩ් පටන් ගත්තතට පස්සේ පොතක් ගත්තේ නෑ, ඉස්කෝලේ යන කාලේ නිතරම වගේ පොත් ගත්තා.
book fair නම් ගියා කීප සැරයක්ම හැබැයි ගත්ත පොත් වලින් කියවන්න පුළුවන් උනේ පොත් දෙක තුනයි. සමහර ඒවා හොයාගන්නත් නෑ. කොහොමහරි වෙලාවක් හොයාගෙන කියවද්දී මටත් හිතෙනවා එහෙම.
ඒ කවි හරිම ලස්සනයි💛.මට හිතෙන්නෙ මම ඒ එක පොතක් වත් කියවලා නෑ. ඔයාගෙ ඒ කෙටි කතාව අපිට කියවන්න පුලුවන්ද?? ඒක අනිවාර්‍යෙන්ම ලස්සන එකක් කියලා මම දන්නවා.❤️